ලොකය්යාව විකිණීම සහ කාලකණ්නි යුද්ධයක් වැලැක්වීම

By පිටස්තරයා-2

No Frames සහෝදරයා පිටස්තරයාට චෝදනා කරා ඔහු ලොකය්යාගේ මරණය පිළිබඳ හැඟීම් අවුස්සා බලය බෙදන්නට උල්පන්දම් දෙනවාය කියා. පිටස්තරයා එම සහොදරයාගේ පිවිසීම ඉතා අගය කරමින් නැවත කාලකන්නි ජනඝාතක යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා වන සංවාදයකට ඒතුමාට ආරාධනා කළා. මේ පළවන්නේ No Frames සහෝදරය යොමු කළ ලිපිය සහ එයට පිටස්තරයා දුන් පිළිතුරයි.


No Frames said...

හැඟීම් වලින් සත්‍යය යටපත් කරන්නට බැහැ. ලොක්කයියා ගේ මරණය හරහා බලය බෙදන්නට ඕනෑය, මේක අප හැමගේම රටය යන කරුන මතු කිරීමට උත්සාහ කරනවා. නමුත් ඔය කරුණු වලින් කතා කළ හැක්කේ ඔය කරුණු පිළි ගන්න අයෙක් සමග පමණයි. මම පදවිය නගරේ ඉපදිච්ච කෙනෙක්. අපව මරන්නට ආපු කොටි, හා උන්ව සාධාරණීකරණය කල දේශපාලන කොටින්ට අපි මූණ දුන්නේ ඔය වගේ දේශප්‍රේමි හාමුදුරු වරු හින්ද තමයි. මම වයස 10 දී පදවියෙන් පිට වුනා අපට ගිණි බින්දිද්දී අපි හැංග්ණ්නේ ඔය දේශප්‍රේමී හමුදුරුවන්ගෙ පන්සලේම තමයි. මම එහෙම ගෙවුවේ වසර 10යි. ඒත් හාමුදුරුවෝ අවුරුදු 30ක් කොටි උණ්ඩ එක්ක හැංගි මුත්තන් කලා. එහෙම එකෙනෙක් "මේ සිංහල අපගෙ රටයි" කියන කොට ඉහ මොළ රත් වෙන එකෙක් ඉන්නවා නම් ඌ මහම මූසලයෙක් කියල මට නම් හිතෙන්නෙ. ඔබතුමාලා විශ්ව විද්‍යාලෙ අකුරු කරද්දි ඔබතුමාලගෙ පවුල් රැක ගත්තෙ හාමුදුරුවො විශ්වාස කරලා ගමේ නතර වුනු මිනිස්සුම තමයි.

බලය බෙදපු දවසක ඔය සහෝදර දෙමළ ජාතිකයෝම තමන්ගේ මහ එවුන්ගේ කීම් අසා ගෙන පිටස්තරයාගේ පවුල පන්නා දමන විදිය පිටස්තරයාට තේරෙන්නේ නැත. බලය බෙදන්නට ඕනේ මිනිස්සුන්ටය. සිංහලයන් ගම්බිම් වලින් එළවන්න හදන දෙමළ දේසපාලුවන්ට නම් නෙවෙයි. මම කියන්නේ බොරු වගේ නම් පකිස්තානෙයි ඉන්දියාවයි බෙදුවම වෙච්ච වාර්ගික සුද්ධ කිරීම ගැන පොතක් කියවල බලන්න. පිටස්තරයට ඔදැනෙන්න ඒත් ඊසාන දිග ලංකාවේ රළු පොළොව එක්ක හැපිච්ච, මහවැලි පිටාර තැන්නේ ගංවතුර එක්ක හැප්පිච්ච, කැලෑ උණ ජය ගත්ත කෙනෙක් විදියට මට නම් ඒක තේරෙනවා.


පිටස්තරයාගේ පිළිතුර

ඔබේ ප්‍රතිචාරයට ඉස්තුතියි. මා අදහස් කළ සංවාදය ඉදිරියට ගෙනයාමට ඔබගේ සම්බන්ධවීම ඉතා ම වැදගත්. මේ ඔබේ අදහස් වලට පිළිතුරු සපයමින් ලියන ලිපියයි. මේ ලිපියට පිලිතුරු සපයමින් බ්ලොග් එකට ඔබ විසින් එවන කොමෙන්ට් එක වහාම මම පෝස්ට් එකක් හැටියට මේ බ්ලොග් එකේම ඔබේ නමින් ඵලකරන්නම්. එවිට බ්ලොග් එක බලන හැම දෙනාටම එය වහාම කියවිය හැකියි.
අද මම චතුරංග සහෝදරයාට පිළිතුරු සපයමින් ලිව්වා
1. "අයේ එහෙම දෙයක් (යුද්ධයක්) අනාගතෙ උපදින අයට නොවෙන්න නං අපි මේක කතාකරන්න ඕන. ගැඹුරින් කතා කරන්න ඕන. ඒ වගේම ක්‍රියාවෙන් එවැන්නක් ඇතිවෙන එක වළක්වන්න ක්‍රියා කරන්න ඕන" කියල.

මම හිතනවා යුද්ධය අත්විඳි කෙනෙක් හැටියට මේ අදහස සමග ඔය සහෝදරයා එකඟ වෙයි කියලා.

තව දුරටත්
2. "(වෙනවිදියකට කියනවනම්) මීට අවුරුදු 50 කට එහා හිටපු අයට ඒක කරන්න (යුද්ධයක් ඇතිවීම වළක්වන්න අවශ්ය මැදිහත් වීම කරන්න) පුලුවන් උනානම් ලොකය්යා ඇතුළු අනිත් සෙබලු මැරෙන්නෙත් නෑ. 50 දාහක් තරම් දෙමළ තරුණයො මැරෙන්නෙත් නෑ" කියලත් මම එහි ලිව්වා.

මගේ අදහස අපි අවුරුදු 30ක් තිස්සේ අත්විඳි යුද්ධය වළක්වා ගතහැකිව තිබුණු යුද්ධයක් බවයි. එහි දී අවශ්ය පුද්ගලයන් බලවේග වගකීමෙන් වැඩනොකළ නිසා සහ දුර නොබලා සහ තම වාසී බලා කටයුතු කළ නිසා අප සැවොම (සිංහල, දෙමළ, මුස්ලිම්) පීඩා විඳි බවයි. එය මම සංවාදයේදී තවදුරටත් විස්තර කරන්නම්. මේ අදහසට ඔබ එකඟ නැත්නම් ඔබේ ඒ සම්බන්ද අදහස සංවාදය තුල දී ඉදිරිපත් කරයි කියල බලාපොරොත්තු වෙනවා.

මේ සංවාදය අප ඇරඹිය යුත්තේ නැවත අප පසුගිය කාලය පුරා අත්වින්දි ආකාරයේ යුද්දයක් මතුපරම්පරාවට උරුම වීම වැළක්වීමට මිස වාදයක ජය පරාජය සඳහා නොවේ. යුද්ධයක් ඇතිවනතුරු අත්පොරවා බලා ඉඳ යුද්ධය ඇති වුනාට පසු මහා පිරිත් පිංකම්, බෝධිපූජා සංවිධානය කොට යුද්ධයට යන තරුණයාට ආශීර්වාද කර ලබන පිනට වඩා, යුද්ධයට ගොස් අතපය නැතිව එන ඒ තරුණයාට මහ උත්සවයක් පවත්වා විඩියෝ කැමරා ඉදිරියේ අත්වාරු රෝදපු‍ටු රණවිරු නිවාස ආදිය දීමෙන් ලබන පිනට වඩා යුද්ධය වැළැක්වීමෙන් ලද හැකි පින නිසැකවම වැඩි විය යුතුයි. අපට එය කළ හැකි වුනොත් අපි හැරමිටියෙන් යන කාලයේ සිටින ලොක්කය්යා වැනි තරුණයන්ට ගිනි අවියක් වෙනුවට ගිටාර් එකක් අත්ට ගන්න පුලුවන් වෙයි. බංකරයට වෙලා නිම්මි අක්ක ගැන සිහිකරකර පාලුවෙන් ගත කළ කාළය වෙනුවට ඇයත් එක්ක ‍ෆිල්ම් එකක් බලන්න යන්න පුලුවන් වෙයි.දෙමළ තරුණ තරුණියෝත් ඒ විදියට ම සතුටින් ඉඳීවි. ගම්වලට වැද කපා කොටන තත්වයක් නැති බැවින් මායිම් ගම්මාන බවට පත්වන ප්‍රදේශවල විහාරස්තාන වල හාමුදුරුවරුන්ටත් එගම් වැසියන්ටත් සතුටින් ඉන්න පුළුවන්වෙයි.

ඔබ අහයි දැන් ඉතින් යුද්ධය ඉවරයි නේ අයි මොකක් ද වළක්වන්න තියෙන්නෙ කියල.

සහොදරය,
ඔබත් මාත් අයත් ආගමේ ශාස්තෲන් වහන්සෙ දේශනාකළ එක ප්‍රධාන් නියමයක් තමයි "හේතුවකින් හටගන්නා යමක් වේද එය නැසිය හැක්කේ ඒය හටගැනීමට මුල් වූ එම හේතුව නැසීමෙන් මිස ඵලය නැසීමෙන් නොවේ" කියල.

මගේ දැනීමේ හා අත් දැකීමේ ප්‍රමාණයට කිව හැක්කේ උණ්ඩයකින් නැසිය හැක්කේ ඵලය මිස හේතුව නොවේ. අවිගත් දෙමළ තරුණයා යනු ඵලය මිස හෙතුව නොවෙයි. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ කාලා බීලා නාගදීපෙ වැඳලා රා කට්ටක් බීලා ජොලියෙ ඉන්න එකයි කියල මම හිතන්නෙ නෑ. මේ වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු වෙළාවයි. "ත්‍රස්තවාදීන්" 50000ක් මැරුවා කියන කොට ඒකෙන් කියන්නේ අම්මලා 50000කට දරුවො නැතිවුණා කියන එක. තාත්තලා 50000කට දරුවො නැති වුනා කියන එක. සහෝදර සහෝදරියෝ අඩුගානෙ ලක්ෂ දෙකකට සහොදරයො නැති වුණා කියන එක. දරුවන් ලක්ෂයකට පමණ පියවරු නැතිවුණා කියන එක.තව බිරින්දෑවරුන්ට සැමියන් නෑදෑයින්ට නෑදෑයන්, අසල්වැසියන්ට....

ප්‍රභාකරන් බිහිවුනේ ඉඳහිට දෙමළ ජනයාට එරෙහිව සිංහල ජනයා අතර සිටි සමහර දාමරික කොටස් කළ අමන ක්‍රියා සහ නින්දා කිරීම් සහ රාජ්ජ්ය්මය වස්යෙන් සිදු වූ බරපතල අත් වැරදි යටතේයි. ප්‍රභාකරන්ට වඩා සියගුණයකින් දරුණු පුද්ගලයන් දහසක් බිහිවෙන්න අවශ්ය සාධක අප ඉදිරියෙ අද තියෙනවා. ප්‍රභාකරන් බිහිවුනේ පත්තරේ දැන්වීම් දාලා ඔක්කොටම දැනුම් දීලා නෙවෙයි. නොදන්නා තැනක ඔහු බිහිවෙලා මාරයෙක් වගේ ඉදිරියට ආවට ප්ස්සෙයි අපි දන්නෙ ඔහු බිහිවෙලා කියලා .

ඒ නිසා මේ අපායේ ඉන්ටර්වල් එක කියන එකයි මගේ අදහස. වගකීමෙන් කටයුතු නොකළොත් ප්‍රථිඵල භයානක වේවි. ඒත් අපි අඩුතරමේ මේවගේ සාකච්ඡාවක්වත් ඇරඹුවොත් අපි යමක් කළානේ කියලවත් සතු‍ටුවෙන්න පුලුවන් වෙයි.
මේ සංවාදයට අනෙක් මිතුරන්ටත් සම්බන්ධවිය හැකියි. මා ලියන ලිපිවලට හෝ නෝෆ්‍රේම්ස් සහොදරයා ලියන දෙයට ප්‍රතිචාර ලියා එවන්න. අන්රටවල ඉන්න සහොදරවරු තමතමන් ඉන්නා රටවල අපරටේ වැනිප්‍රශ්න විසඳාගෙන ඇති ආකාරය ලියන්න.

තව එකකරුණක් පැහැදිලි කරන්න ඕන. මගේ මුල් ලිපියේ අය්යාගේ මළගමෙහි ජාතිවාදී බනක් කී "දේසප්රේමී සිංහල භික්ෂු සංවිධානයක ප්රාදෙසීය සංවිධායක භික්ෂූන් වහන්සේ" මායිම් ගම්මානවල දුගී ජනයා සමග දුක්විඳිනා භික්ෂුවක් ලෙස වටහා ගැනීම වැරදීමක්. මා එයින් අදහස් කළේ අප මුහුණ දුන් භයානක ප්‍රශ්නය දේශපාලන මය වසයෙන් විස්ඳීම වැළැක්වීම සඳහා දිවා රෑ වෙහෙසුනු වැඩිපුර ලිප්ටන් වටර්වුමේ ජීවත් වූ අප සහෝදර දෙමළ ජනයාට කිසියම් අය්තිවාසිකමක් ලැබෙන්න යනවිට එය බලා ඉන්නවාට වඩා හොඳයි නොකා මැරෙනවා කියා උපවාසවලට වාඩි වූ (එහෙත් කිසි දා නොමළ) දේශපාලන පක්ෂ කීපයක් වෙනුවෙන් ක්‍රියා කළ භික්ෂු පිරිසයි.

මායිම් ගම්මානවල ජීවත්වෙමින් තමන්ව පෝෂණය කළ ජනයා අත් නොහැර ජීවත් වූ භික්ෂූන් සම්බන්ධයෙන් මාගේ ඇත්තේ ගවුරවයක්.

එහෙත් කවර භික්ෂුවකට හෝ එක් ජාතියක් වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් නැත යනු මාගේ බුදු දහම පිළිඹඳ දැනුමයි. මා කියවා ඇති පරිදි පැවිදිවූවෙකු විසින් සිහිකළයුතු කරුණු 10 කින් පළමු වැන්න වන්නේ 'තමන් ගිහිකළ පවත්වාගෙන ගිය ජාති, කුළ, වර්ණ ආදි අනන්න්යතා අත්හල බව, ඒවා ඉක්මව ගියබව නිරන්තරයෙන් සිහිකිරීමයි.

එහෙම එකෙනෙක් "මේ සිංහල අපගෙ රටයි" කියන කොට ඉහ මොළ රත් වෙන එකෙක් ඉන්නවා නම් ඌ මහම මූසලයෙක් කියල මට නම් හිතෙන්නෙ කියා සහෝදරයා කිව්වට කොහොම කෙනෙක් වත් මේක සිංහලයන්ගේ රටයි කියා කීම නොකළ යුතුයි . මේ රට මෙහි උපන් හැම දෙනාටම අය්ති ඒක්ක්. සිංහලයන්ගේ රට යැයි කී විට අනෙක් ජාතීන්ට තමන් මෙහි දෙවැනි පංතියේ පුරවැසියන්ය යන අදහස ඇතිවෙනවා. අප කළ යුත්තේ ඒවන් හැඟීමක් ඇතිවෙලා තිබුනත් ඒය නැති කරීමට ක්‍රියා කිරීමයි.

සහොදරයා මේ දක්වා ඇති අදහස්වලට පිළිතුරු එවාවි කියා බලාපොරොත්තු වෙනවා.

Reactions:

22 Comments

1. අපි මෙය කතා කළ යුතුයි. නමුත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. අපි අපි කතා කළාට මොකුත්ම වෙන්නේ නෑ. මේකට දෙමළ ජනා සම්බන්ධ විය යුතුයි. එහෙම සම්බන්ධ වුනා නම් (ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියනවා නම්) ඔබට තේරේවි අදත් ඔබ කියන දෙමළ ජනයා ගේ නියෝජිත්යන් කොටි කළ දේවල් ගැන පසුතැවිලි නොවන බව. අපට කලු ජූලිය ගැන ඇත්තේ ලැජ්ජාවක්. අපි ඒක කියන්න බය නෑ. නමුත් දෙමළ කණ්ඩායම් පිටකොටුවේ බෝම්බය හරි මැණික් ෆාම් වල කරපු තුච්ඡ ඝාතනය හරි තවම හෙළා දකින්නේ නෑ. කතා කරන්නට, ආයිත් යුද්ධයක් අතිනොවෙන්නත් නම් ඔවුන් මේ බව තේරුම් ගත යුතු වෙනවා

2. අවුරුදු 50කට කලින් මේ යුද්ධයට වස්තු බීජ සැපයුවේ 50 - 50 ඉල්ලපු අය. එතන තම ප්‍රශ්නයේ මුල. හැබැයි එතැනට ආයෙත් යාමෙන් අපට වෙන වාසියක් නෑ. අතීතය හාරලා ඒ ගැන තර්ක කිරී මෙන් වැඩක් නැහැ

3. ප්‍රභාකරන් කියන්නේ වැල් රොබරිකාර අමනයෙක්. පානදුරේදී ප්‍රභාකරන් හොරකම් කරල අහුවෙලා මිනිස්සු පණ යනකම් ඌට ගහලා තියෙනවා. අපට හිතෙන්නේ ප්‍රභාකරන්ට සිංහලයන් එක්ක තිබිච්ච බද්ධ වෛරය හින්දා තමයි ත්‍රස්තවාදයට පෙළඹුනේ කියල. ප්‍රභාකරන්ට වඩා කොච්චර දරුණු පුද්ගලයන් බිහිවුනත් අපි බය නෑ! උන් කියන්නේ ඔබ වගේ කොන්ද පණ නැති කීප දෙනෙක් වෙනුවෙන් අපේ ගම් අත ඇරලා යන්න කියල නම්, ආයෙත් යුද්ධ එකක් නෙවෙයි දහයක් කරන්න වුනත් මම නම් කැමතියි.

දෙමළ ජනයා තේරුම් ගත යුතු සත්‍යයක් තියෙනවා. ඔවුන්ට උතුරු නැගෙනහිර මහ ජාතිය ලෙස ජීවත් වීමට සදාකාලික අයිතියක් නැති බව. කොළඹ නගරයේ බහුතරක් වෙච්ච සිංහලයන් සුළුතරයක් වෙද්දී, සිංහලයන් ඒ ගැන ප්‍රශ්න කලේ නෑ. නමුත් උතුරු - නැගෙනහිරින් සිංහල මිනිහෙකුට අලුතින් ඉඩම් කැල්ලක් දුන්නත් ඔය දෙමළ ක්‍රියාකාරීන් විරුද්ධයි. ඒ තත්වය නැතිවෙන තුරු මෙයට විසඳුමක් නෑ. බලය බෙදලා උතුරු - නැගෙනහිර "වාර්ගික සුද්ධයක්" සිදු වී, දෙමළ ජනයා පමණක් එහි හිමි කරුවන් වෙන එකට ඔබට කැමති වෙන්නට පුළුවන් වුනාට අපට නම් බැහැ.

දේශප්‍රේමි භික්ෂු සංවිධාන ලෙස ඔබ ඔය දංගෙඩියට යවන්න හදන්නේ හෙළ්ල උරුමය බව පැහැදිලියි. මන්ද තාර්කික පදනමක පිහිටා කතා කරන ඔවුන් සමග ගැටීම බලය බෙදීමට දත කන උදවියට අපහසු දෙයක්. හැබැයි අපේ මල්ලිලා නංගිලා බඩගින්නේ ඉඳැද්දි අපිව බලන්න ෂෙල් වරුසා යටින් ආපු කෙනෙක් ඉන්නවා නම් ඒ හෙළ උරුමයේ මන්ත්‍රී හමුදුරුවරු කිහිප දෙනා පමණයි. එයිනුත් අර ඇඹිලිපිටිය පැත්තේ ඉන්න හාමුදුරුවෝ විශෙෂයි. එවන් අය සමග තාර්කිකව ගැටීමට නොහැකි තැන කරන්නේ චරිත ඝාතනයයි. ඔබත් එහි කොටස් කාරයෙක් වී ඇති බව පැහැදිලියි. ඒ අය පෙළපාලි ගියේ යම් පදනමක් මත. ඔබ වැනි සිංහලයන් ගම් බිම් වලින් එළවා දැමීමේ මතු අවධානම කලින්ම දැකීමෙන් තමයි ඔවුන් බලය බෙදීමට විරුද්ධ වුනේ.

නෝ ෆ්‍රේම්ස් ඔබ හරියටම උත්තර දීලා තියනවා. පිටස්තරයාගේ කතාව කියෙව්වම මට හිතිච්ච දේවල් සේරමත් වැඩියෙනුත් ලියලා තියනවා. ඔබට ජය. ඒ වගේම

ප්‍රශ්නයක් තියෙනව. ඒත් ඒ දෙමළ ජනතාව තුල කියන එක වැරැදියි. ඔවුන් අද එසේ සිතීමට පෙළඹීම බියත් සමග මුසුවූවක්. ඔවුන්වත් සිංහල ජනතාවත් බේද බින්න වුණේ නෑ කවදාවත්. ඒත් දේශපාලකයො සැම විටම මේ ජාති දෙකේම මිනිස්සුන්ගෙ ඔඵ ජාතිවාදී හැඟීම් වලින් පුරවන්න උත්සාහ කලා. ඔවුන් එදා වගේම අදත් සාර්ථකයි. පරාජය වුණේ හැමදාම මොන ජාතියේ වුණත් සාමාන්‍ය ජනතාවයි. අද බලය බෙදීමක් ගැන කතා කරන්නෙත් නොබෙදීමක් ගැන කතා කරන්නෙත් මේ දේශපාලකයිනුයි. ඔවුන්ගේ පැවැත්ම තහවුරු වෙනවනම් ඒ ඕනි එකක් කරන්න ඔවුන පසුබට වෙන්නෙ නෑ.
ඔවුන්ට ඕනිනම් ඔවුන් යුද්ධ ඇති කරනව. ඒකෙන් තවදුරටත් වාසි ගන්න බැරිනම් සාමය ගැන කතා කරයි. මේ සියල්ල ඔවුන්ගේ පැවැත්ම උදෙසා පමණයි. කවදත් විනාශය උරුම වුණේ අසරණයින්ටයි. ඒ විනාශයෙනුත් පුඵවන් වාසියක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි.
විසඳුමක් විය හැක්කේ මොන ජාතිය නියෝජනය කලත් කැත දේශපාලකයින්ගෙන් 'බලය' විතැන් කිරීමයි. ඒත් එය සිදුවීමට තරම් නිවහල් බවක් මේ වෙද්දි පවතිනවාද?
නැතිනම් උදේ හවා කොතරම් සාමයේ තැටිය වාදනය කලත් එය වාදනය කරන්නන්ගේ හදවත්තුල වාදනය නොවන බැවින් වැඩක් නොවනු ඇත. ඒ වාදනයට ඇතුළතින් ගිනි පුපුරු නැවතත් දැල්වෙන දවසක් පැමිණෙනු ඇත.
(පෞද්ගලික අදහස පමණයි. මෙයම සත්‍ය බවට තර්ක නොකරමි.)

"පානදුරේ දී ප්‍රභාකරන් හොරකම් කරල අහුවෙලා මිනිස්සු ඌට පන යන කම් ඌට ගහල තියෙනවා"

මිනිස්සු කිව්වෙ පානදුරේ සිංහල බෞද්ධයො වෙන්න ඇති. එහෙම ගහලත් ප්‍රභාකරන්ගෙ පන ඇත්තටම ගියේ නන්දිකඩාල් කලපුවෙදි. ඒ ශුද්ධ සිංහලයෙක් නොවන සරත් ෆොන්සේකා නායකත්වය දුන්න සිංහල හමුදාවෙ ප්‍රහාර වලින්. ඇයි දිවයින පත්තරකාරය ප්‍රභාකරන් කීපාරක් නම් මැරුවද? . ඒ කියන්නෙ ප්‍රභාකරන්ට පුදුම හයිය පනක් තිබිල තියෙනෙ.

සිංහලයන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාර තවමත් අනුමත කරන දෙමළු ඉන්න බවත් ඇත්ත. හරියට දෙමළුන්ට එල්ල කළ ප්‍රහාර අනුමත කරන සිංහලයො ඉන්නව වගෙ. ඒත් තුවාල සනීප කර ගන්න ඕන නැති තුවාල ඇති කර ගනිමින් නෙවෙයි.

සිංහලයන්ට උරුමයක් තියෙනව. ඒ විතරක් නෙවෙයි විශිෂ්ඨ සංස්කෘතියකුත් තියෙනව. ඒත් ඒක ගොඩනැගුණෙ වෙනත් ජාතියක ලේ මස් හා කඩුළු මතින් නෙවෙයි. ඒ සැබෑ උරුමය සිංහලයගෙ උරුමය ගැන අද කතා කරන අයට තේරෙන්නෙ නෑ. ඔහුන් කරන්නෙ සිංහලයන්ගෙ උරුමය ගැන කතා කරමින් සුද්දන්ගෙ උරුමය තහවුරු කිරීම. ප්‍රභාකරන්ට පොරෝ පහරක් දීල මැරුවට කොමිස් ගහන්නේ නවීන තාක්ෂණික අවි වලින්. ඒ අවි වැඩි වැඩියෙන් විකුණුන තරමට සුද්ධගෙත් කළු සුද්ධගෙත් කල්ල මරේ.

සිංහලයා කියන්නෙ ප්‍රජාතන්ත්‍රික සමාජයක් ගොඩ නගාගෙන සිටි ජාතියක්. දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් බෞද්ධ ආගම වැළද ගැනීමේ කොන්දේසියට පමණක් එකගවීම තුළ තම ජාතියට ඇතුළු කර ගත්තේ ඒ නිසයි. යුද්දෙට න්‍යාය සාදා දුන් නලින් ද සිල්වාටත් යුද්දය ප්‍රායෝගිකව කළ සරත් ෆොන්සේකාටත් වීර සිංහලයන් වෙන්න පුලුවන් වුණේ ඒ නිසයි.

අපි තේරුම් ගන්න ඕන "සිංහල උරුමය" ඇත්තටම කරුමයක් බව. සිංහලයන්ගෙ සැබෑ උරුමය තියෙන්නෙ මහපොලොවෙ. ඒක අත්දෙකට ගත්තෙ ලේ උරුමයේ වනචාරීන් නොවෙයි. එය මනා ලෙස පෙන්නල දුන්නෙ ශ්‍රී නිශ්ශංක, විල්මට් ඒ පෙරේරා, කුමාරතුංග මුණිදාස, වල්පොල රාහුල පරම්පරාවේ සැබෑ සිංහලයන්. අන්න ඒ සිංහල උරුමය ‍රැක ගනිමින් සියළුම ශ්‍රී ලාංකිකයන්ට එකගවිය හැකි සමාජයක් සාදා ගැනීම මගේත් පිටස්තරයාගේත් අද දවසේ කාර්ය විය යුතුයි.

ශාන් - බුමුතුරුණු

ඔබෙ ලිපියෙන්ම ගත්ත පාඨ 2ක් ගැන ප්‍රශ්න දෙකක්.

"මගේ අදහස අපි අවුරුදු 30ක් තිස්සේ අත්විඳි යුද්ධය වළක්වා ගතහැකිව තිබුණු යුද්ධයක් බවයි. එහි දී අවශ්ය පුද්ගලයන් බලවේග වගකීමෙන් වැඩනොකළ නිසා සහ දුර නොබලා සහ තම වාසී බලා කටයුතු කළ නිසා අප සැවොම (සිංහල, දෙමළ, මුස්ලිම්) පීඩා විඳි බවයි. එය මම සංවාදයේදී තවදුරටත් විස්තර කරන්නම්." කිව්වට ඔබ ඒ ගන පැහදිලිව කියල නෑ.

ඒ පුද්ගලයන් බලවේග කව්ද? (සමහර සින්හලු ස්මහර හමුදුරුවරු සහ රජය ද්?)

"ප්‍රභාකරන් බිහිවුනේ ඉඳහිට දෙමළ ජනයාට එරෙහිව සිංහල ජනයා අතර සිටි සමහර දාමරික කොටස් කළ අමන ක්‍රියා සහ නින්දා කිරීම් සහ රාජ්ජ්ය්මය වස්යෙන් සිදු වූ බරපතල අත් වැරදි යටතේයි. ප්‍රභාකරන්ට වඩා සියගුණයකින් දරුණු පුද්ගලයන් දහසක් බිහිවෙන්න අවශ්ය සාධක අප ඉදිරියෙ අද තියෙනවා."

ඒ සාදක මොනවද?

ශාන්,

"සිංහල උරුමය" කරුමයක් කියල අපි තේරුම් ගත කියමු. "දෙමල" කියන නමින් බිහිඋන සන්විදාන ගැන මොකද කියන්නෙ?

සින්හලු සින්හල මහ සබාව අතඇරලා "එක්සත්+ජතික" පක්ශය හැදුවා. නමුත් ඔවුන් දෙමල කියන නම අතහැරියද?

ඇය් ඔබලා "සින්හල" සමාජය විතරක් "ශ්‍රි ලාන්කික" කරන්න හදන්නෙ?
දෙමල සමජයෙ එහෙම කතිකවතක් කියෙනවද?

මම කිව්වෙ ලේ උරුමකාරයො යන්නෙම අනෙකාගෙ ලේ මස් හොයගෙන

ශාන් - බුමුතුරුණු

No Frames: සහෝදරයට: "උන් කියන්නේ ඔබ වගේ කොන්ද පණ නැති කීප දෙනෙක් වෙනුවෙන් අපේ ගම් අත ඇරලා යන්න කියල නම්, ආයෙත් යුද්ධ එකක් නෙවෙයි දහයක් කරන්න වුනත් මම නම් කැමතියි". ඇත්ත සහෝදරයා. ඇත්ත. ඕනෑම ජීවියෙක් තමන්ගේ පැවත්මට තර්ජනයක් වේ නම්, සටන් කිරීම තමයි කරන්නෙ. දෙමල ජනයා අතර අන්තවාදින් ඉන්නව. ඒකත් ඇත්ත. නමුත් බුදු මල්ලියේ (සිවුර දාගත්තු කෙනෙක්නං සොරි හොඳේ!! :-D) සිංහල අන්තවාදියො ගාන ඊට වඩා ගොඩාක් වැඩියි. ඒක අන්තවාදය නමින් එලියට නොඑන නිසා තමන් අන්තවාදිද කියල අසරණ මිනිස්සු දන්නෙ නෑ. ඕකට කියන්නෙ උපරිම සම්භාවිතා අන්තවාදය කියල. සරලව කිව්වොත්, වැඩිපුරම පිස්සො ඉන්න රටක පිස්සුව සාමාන්‍යයි. පිස්සා හිතන්නෙ හොඳට ඉන්න එකාට පිස්සු කියල. පහුගිය වසර 30 ඇතුලෙ මේ අන්තවාදය ගොඩක් වැපිරුනා (දේශප්‍රේමය නමින්). හේතුව යුද්ධයට මුහුනදීමට මානසිකත්වයක් හදාගැනීමයි. "මේකට දෙමළ ජනා සම්බන්ධ විය යුතුයි. එහෙම සම්බන්ධ වුනා නම්....." හරියට හරි. දෙමල ජනයා තවමත් සහභාගි නොවෙනවානං අපි මහලොකු යුද්ධයක් කරල ප්‍රශ්නය විසඳල නෑ. (කල යුත්තේ නෑනා මස්සිනා එකතුවනතෙක් බලා හිඳ, බිහි වූ අංග විකල දරුවා සමාජයට දැමීම හෝ මරා දැමීම නොව, බුද්ධියෙන් ඔවුන්ගේ එකතුවීමේ අවස්ථා නැති කිරීමයි.). මරා දැමිය යුත්තේ හේතුව මිස ඵලය නොවෙයි. පිටස්තරය හරි.

ෂා හරි ලස්සන පිලිතුරක්. ලොකුවට මතවාද ඉදිරිපත් කරනවා. ප්‍රශ්නයක් ඇහුවම උත්තර නෑ.
NGO කරයො යන්නෙ ඩොල්‍රර් හොයාගෙන කියල එහෙනම් අපේ සන්වාදෙ ඉවර කරමු..
(ඔබ මට ලේ හොයගෙන යන්නෙක් කියනවනම් ඔබට ඩොලර් කාක්කෙක් හො ඔවුන්ට අසු වී මොල සොදා ගත්තෙක් කිව්වට කමක් නෑ නෙද?)

මේ සංවාදයට මා සම්බන්ධ වූයේ මොන්ටිසෝරි ළමයින්ට හය හතර කියාදීමට නොවේ. මිනිස් ඉතිහාසය ආරම්භයේ දී දහසකුත් කැප කිරීම් මත සමාජය අවබෝධ කර ගත් දෑ නැවත නැවතත් පුන‍රැච්ඡාරණය කිරීමටත් නොවේ.

බලු වලිගයන් උණ පුරුකේ ලා වත් ඇද හැරිය නොහැකි බව අපි දනිමු.

එබැවින් අපි ලේ උරුමකරුවන් අමතක කරමු. සිංහල උරුමය සොයා යෑමේ දී ලේ උරුමකරුවන් අභියෝගයක් වන්නේ අපට නොව ජනප්‍රිය දේශපාලකය්න්ට ය. අපි ලේ උරුමකරුවන්ගේ නිරුවතට සිනා සී පිලිකුළෙන් අහක බලා ගන්නෙමු. ආමේන්........

එන්.ජී.ඕ. ලේබලය ගැන අපි ආඩම්බර වෙන්නෙමු. මන්ද ඉතිහාසය පුරාම එකම "චෝදනාවක්" පමණක් අපට එල්ල වන බැවිනි. එහෙත් අපි සොරු නොවෙමු. අසරණ සුනාමි අනාතයන්ට එන්.ජී.ඕ කරුවන් දුන් මුදල් අපේ ගිණුම් වල දා හොරා නොකෑවෙමු. එසේ කෑවුන්ට පිරිත් නූල් ගැට නොගැසුවෙමු. එබැවින් එන්.ජී.ඕ කන්‍ය පටලය අපට අදාළ නොවේ.

එන්.ජී.ඕ එන්.ජී.ඕ යැයි කියන්නවුන්ම සුන්දන්ගේ ආයුධ වෙළෙදාමේ දේශීය අළෙවි නියෝජිතයන් වීම ගැන අපි හිනහ වෙන්නෙමු.

@ බුමුතුරුණු


බුමුතුරුණු හිතන්නේ දෙමළ හොරෙක්ට සිංහල මිනිස්සු ගහන එක වැරදි කියල. දෙමළ හොරාට ගහන්න පුළුවන් දෙමළ මිනිස්සුන්ට විතරයි. නැත්නම් ඒක සුළු ජාතිය නොසලකා හැරීඅමක් වෙනවා. සහෝදරයා ඔව්වා ගිහින් කියන්න මොන්ගල් වෙච්ච අයට. ප්‍රභාකරන් හොරකම් කරල මාට්ටු උනාම ගුටිකාපු එකත් දාන්න හදන්නේ සිංහලයන් දෙමළ අයට පීඩා කිරීමක් විදියට.

ඔබතුමා සිංහලයගෙ ඉහිහාසය ගැන මහලොකු විස්තරයක් කරනවා. ඒ අතර කියනවා බෞද්ධ වීම පමණක් සිංහලයන්ගේ රජු වීමට ඇථි වුනා කියලා. අපි බලම දෙමළ සමාජයේ තත්වය කොහොමද කියල. දෙමළැ ජාතියට නායකත්වය සපයපු අන්තිම අන්‍ය ජාතික නායකයා කවුද හැබෑට? වෙනත් ජනවර්ගයක අයෙක් තම නායකයා ලෙස නොපිළි ගැනීමට දෙමළ උදවිය අතර තියෙන නොකැමැත්ත තමයි මේ ඔක්කොටම මුල. ඉන්දියාවේ මේක වෙන්නේ දෙමළ නොවන ජන වර්ග වලට තියෙන අති දැවැන්ත යුද යන්තරේ නිසා.

සිංහලයන්ගෙ උරුමය කරුමයක් වන සහෝදරයට දෙමළ උරුමය පේනේ කොහොමද කියල කියල නෑ. සම්හරවිට අතිවිශිෂ්ට එකක් විදියට පේනවා ඇති. සිංහල උරුමය කරුමය. දෙමළ උරුමය නියම උරුමය. ඉංග්‍රීසියෙන් "ඩබල් ස්ටෑන්ඩර්ඩ්" කියන්නෙ ඕකට තමයි.

No arguments with blood suckers

shan - Bumuthurunu

@ Bumuthurunu

Why running away from the arguments? Pathetic selves who try to demean the Sinhalese heritage use "No arguments with blood suckers" a way out from an argument. It's plain pathetic of you, and unless you are able to answer what is brought about by other users you'll find yourself in thick shit.

Ajiya has asked following questions;

1. ඒ පුද්ගලයන් බලවේග කව්ද? (සමහර සින්හලු සමහර හමුදුරුවරු සහ රජය ද?)

2. ඒ සාදක මොනවද?

Now if you are manly (or womanly) enough, come out with answers for these.

'නමුත් බුදු මල්ලියේ (සිවුර දාගත්තු කෙනෙක්නං සොරි හොඳේ!! :-D) සිංහල අන්තවාදියො ගාන ඊට වඩා ගොඩාක් වැඩියි'

මම මහණෙක් නෙවෙයි. සහෝදරයා ඒ ගාන ගැන්නද? සහෝදරයා කොහොමද ජාතිවාදියෙක් අඳුනා ගන්නෙ? අනික දෙමළ අය වගේ හය ගුණයක් සිංහලුන් මේ රටේ ඉන්නවා. එළියට නොආපු ජාතිවාදය සිංහලයන් අතර වැඩි බව කියන්න ඔබට තියෙන සාධක මොනවද?

දෙමළ ජනයා මේකට සහභාගි නොවීම තනිකරම සිංහලයන් පිට පැටවීම අඳ බාල කමක්. එහි අති විශාල වගකීමක් ඇත්තේ දෙමළ නායකයන් අතයි. එසේ නැතිව අවසන් කළ යුද්ධයට ගැරහීම මුව හමට තඩි බෑමක් මෙන්ම, සිංහලයන්ගේ ස්ථාවරය වඩාත් දැඩි කරවීමට හේතු වන්නක්. ප්‍රශ්නයට මුල දෙමළ ජාතිකයන් අන්‍ය ජාතික / වාර්ගික නායකයෙක් යටතේ සිටීමට ඇති නොකැමැත්ත. ඔවුන් සුළුතරය බවත්, ජාතික තලයේ නායකත්වය යනු දෙමළ නායකත්වයම නොවන බවත් තේරුම් ගන්න චින්තන විප්ලවයක් ඔවුන් අතරින් ඇති වන තුරු මේ ප්‍රශ්නයට විසඳුමක් නෑ. ඒ අතර ඔවුන් ප්‍රචණ්ඩත්වයට පෙළඹෙනවා නම්, සාමකාමි අන්‍යජාතීන් හා සාමකාමී දෙමළ ජනයා ආරක්ෂා කර ගැනීම උදෙසා අනුකම්පා විරහිත ලෙස එකී බෙදුම්වාදී / වර්ගවාදි නැගිටීම් මර්ධනය කිරීම අනිවාර්යයෙන් කළ යුතු වෙනවා. මේක දෙමළ ජනයාට විතරක් අදාල නෑ. හෙට වයඹ පළාතේ සිංහලයන් වෙනම රාජ්‍යයක් ඉල්ලා අවි අතට ගන්නේ නම් සහ ඔවුන් එම අදහස අත් හැරීමට කොහෙත්ම සූදානම් නැත්නම් ලෙයින් හා යකඩින් එය මර්ධනය කිරීම හැර අහිංසක ජනයා රැක ගැනීමේ වෙනත් ක්‍රමයක් නැත.

මේ සංවාදයට මා සම්බන්ධ වූයේ මොන්ටිසෝරි ළමුන්ට හය හතර කියා දීමට නොවන බවත් විශාල කැප කිරීමකින් සමාජය අවබෝධ කර ගත් දෑ නැවත් නැවත පුනරුච්චාරනය කිරීමට නොවන බවත් මම කලින්ම කීවෙමි.

අනෙක ලේ උරුමයේ දේශපාලන දඩ බල්ලන් සමග අප හට වාදයක් නොමැත. ඒ අනෙකක් නිසා නොව ඔවුන් අපට අභියෝගයක් නොවන නිසාත් බලු වලිගය උන පුරුකේ ලා ඇද හැරිය නොහැකි බව අප දන්නාත් නිසාය.

එහෙත් මේ දේශපාලන දඩ බල්ලන් ඔහුන්ගේ ප්‍රාථමික ප්‍රශ්න පත්‍රයක් ගෙන එයට වහා පිළිතුරු සපයන්නැයි ඉල්ලමින් අප පසුපස ලුහු බදිති. මෙය නම් විකාරයක්මය. අත්තන ඇට කැවිලාවත් ද? නුහුගුණයක් ද? ආත්ම ස්වාභාවය ද?

මොන කෙන් ගෙඩියක් වේවා ඕවාට අපත් සම්බන්ධ කර ගැනීමට අප පසු පස දිව එන්නේ විළි ලැජ්ජාවක් නැති නිසා ද? පව් අපි ඔයාලව ගනන් ගන්නෙ නෑ. කරුණාකර ආ අතක් බලාගෙන යන්න.


ශාන් - බුමුතුරුණු

"ඒ අනෙකක් නිසා නොව ඔවුන් අපට අභියෝගයක් නොවන නිසාත්"

කවුද ශාන් මේ "අපි" කියල කියන්නේ?

දැන් කීපාරක් මුන් එලෙව්ව ද? ඒත් එනව, නොදකින්.

This comment has been removed by the author.

පරිගනකයෙ ඇති වූ දෝසයක් නිසයි මගේ පිලිතුරු පමා වන්නෙ. තව පැය කිහිපයකින් මම පිලිතුරු දෙනව.

පිටස්ටරය-2

ජැක්සන් ඇන්තනි කාලෙකට කලින් හැදුව ටෙලි නාට්‍යයක් 'ඇසල කලුවර' කියල. ඒකෙදි එයා කලු ජූලිය පිලිබදව දර්ශන කීපයකුත් ඇතුලත් කරල තිබුන. ඒ ගැන කතා කරද්දි එයා පත්තරේකට කියල තිබුන මේ දර්ශන සදහා යොදාගත්තෙ සාමාන්‍යය මිනිසුන්ය, නමුත් ඒ දර්ශනය අති සාර්ථකව රූ ගත කරගන්න පුලුවන් වුනේ තමන් යොදාගත්ත විශේෂ ක්‍රමවේදයක් නිසාය කියල.

ඒ තමයි, සෑම මිනිසෙකු තුලම ජීවත්වන ජාතිවාදියා මොහොතකට හෝ අවදි කිරීම කියලත් එයා කියල තිබුන.

No Frames > With racists like you and your idols like Gunadasa Amaraseka,Wimal Weerawansha and other pariah dogs of same calibre we will never be able to see a peaceful sri Lanka. this land equally belongs to all of us and we are not superior to any other community .whether u like it or not all peace loving Sinhalese, Tamils and Muslims would agree that no race, religion or language should be given any prominence .

Post a Comment

Post a Comment