පිටස්තරයාගේ පිළිතුරුයි මේ.
මතුකර ඇති සංවාද ගැටළුවලට දෙන පිටස්තරයාගේ පිළිතුරුයි මේ. ඒවා ද ඔහු ගොනු කර ඇත්තේ ඔහුගේ පුද්ගලික අත් දැකීම සහ අන් අයගෙන් එකතු කරගත් අත්දැකීම් ආශ්රයෙනි.(පරිගනක්යේ ඇති වූ ගැටලුවක් නිසා පිලිතුරු පම වුනා. සමාවෙන්න)
ඔබෙ ලිපියෙන්ම ගත්ත පාඨ 2ක් ගැන ප්රශ්න දෙකක්.
"මගේ අදහස අපි අවුරුදු 30ක් තිස්සේ අත්විඳි යුද්ධය වළක්වා ගතහැකිව තිබුණු යුද්ධයක් බවයි. එහි දී අවශ්ය පුද්ගලයන් බලවේග වගකීමෙන් වැඩනොකළ නිසා සහ දුර නොබලා සහ තම වාසී බලා කටයුතු කළ නිසා අප සැවොම (සිංහල, දෙමළ, මුස්ලිම්) පීඩා විඳි බවයි. එය මම සංවාදයේදී තවදුරටත් විස්තර කරන්නම්." කිව්වට ඔබ ඒ ගන පැහදිලිව කියල නෑ.
ඒ පුද්ගලයන් බලවේග කව්ද? (සමහර සින්හලු ස්මහර හමුදුරුවරු සහ රජය ද්?)
මේ ප්රශනයට මගේ අත් දැකීම් වලින් දිය හැකි පිළිතුර;
දවසක් මම මගේ අම්මා සමග ඇගේ මහ ගෙදරට යමින් සිටියා. උහන පසුකොට යනකොට හමුවන උදේගිරිය ප්රදේශයේදී වාහනය කැඩිනු නිසා අප දෙදෙනාටම පයින් යන්න සිදු වුනා. අප පසු කරමින් සිටි ලන්දු කැලෑශිත ප්රදේශයක් පෙන්වූ අම්මා මෙහෙම් කිව්වා.
"මම ඉස්කොලෙ යනකාලේ මේක දෙමළ ගමක්"
"ඉතින් මොක ද ඒ ගමට උනේ?" මම ඇහුවා.
"ජාතිවාදී කලබල ඇතිවුනු වෙලාවේ (අම්ම පොඩිකාලෙ) ඒ ගම මංකොල්ල කෑවා".
අපේ ඈත නෑයෙකුගේ නමක් කී අම්මා "......ත් උස ගොම් බානක් අරගෙන ආවා".
"ඉතින් එයාව පොලීසියෙන් ඇල්ලුවේ නැත් ද?"
නෑ, මුකුත් උනේ නෑ".
"ඉතින්?"
"පණ බේරගත්ත ඉතිරි වුනු අය ගම දාල යන්න ම ගියා... ..ආයේ ආවෙ නෑ"
දෙවෙනි සිද්දිය
දවසක් හමුවුනු වැඩිහිටියෙක් මම අම්පාරේ බව දැනගත්ත ම කතාවට වැටුණා.
"පුතා මම තරුණ කාලේ ගල් ඔය බෝඩ් එකේ වැඩකළා"
"අංකල්, කියන්නකො ඒ කාලෙ විස්තර"
"ඒ කාලේ කවුරුවත් ඒහෙ යන්න කැමති නෑ මදුරුවන්ට බයේ. හිටිය තරමක් හිටියෙ මම වගේ හිතුවක්කාරෙට ආපු කොල්ලෝ. මම ගිහින් හිටියෙත් ගෙදරින් තරහවෙලා ගිහිල්ල".
තවත් බොහො විස්තර ඔහු කිව්වා. අපිට අදාල කොටස මෙහෙමයි.
"අපිට ආරංචි ආවා දෙමළු සිහලුන්ට ගහනවා කියලා. ඇත්තටම ගැහුවා ද අපි දන්නෙ නෑ. අපි ව්යාපාරේ බරවාහනත් අරගෙන මඩකළපු පැත්තට ගියා. මං නම් මුකුත් කළේ නෑ පුතා. ඒත් මම දැක්කා බරවාහන වලට යටකරල මරපු දෙමළ මිනිස්සු හිටියෙ හරියට සපත්තුවට පෑගුනු කැරපොත්තො වගේ"
"ඉතින්?"
"අපි ආයෙත් වැඩබිමට ආවා. අපිට අපේ ගම්වලට එන්න ඕන වුනා. ඒකාලේ පාර තිබුනේ මඩකල්පුව හරහා. නමුත් දැන් අපිට එහෙන් යන්න බයයි. ඊටපස්සෙ අපිට පැනල එන්න පාරක් කැපුවා. පුතා දන්නවද ඉඟිනියාගල ඉඳල සියඹ්ලාණ්ඩුව හරහා මොනරාගලට එන පාර?"
"ඔව්".
"ඉස්සර එහෙම පාරක් තිබුනේ නෑ. අපියි ඕක කැපුවේ ව්යාපාරේ වාහන යොදාගෙන. පානම ඉඳලා එනපාරට සම්බන්ද උනාට පස්සේ අපි ඒක දිගේ මොනරාගලට ඇවිත් තම තමන්ගේ ගම්වලට ගියා".
"ඉතින් අංකල් ඒ වැඩේට සම්බන්ධ වුණු අයට දඬුවම් මුකුත් ලැබුනා ද?"
"මොනපිස්සුද පුතා. පස්සෙ ඒපාරට තාරදාල ප්රයෝජනයට ගත්තා".
"ඔව් අම්පාර කොළඹ බස් දුවන එක පරක් අද ඒක" මම උත්තර දුන්න.
අනෙක් කතාව කිව්වෙ අම්පාරෙ අදත් ජීවත් වන හාමුදුරු කෙනෙක්.
"අද ඔය අම්පාර ඩිපෝව තියේන තැන මහත්තයා දන්නවා නේ ද?"
"ඔව".
"ඕක ඉස්සර දෙමළ ගම්මානයක්. ඒකෙ උන්ව කපල කොටල එලෙව්වා."
"කව්ද?"
"කව්ද කියල පුද්ගලයො දන්නෙ නෑ. ඒ කාලේ යම්යම් දේ දැනගත්තෙ ආරංචිවලින්. කොහේදො සිංහල ඉස්කොලේ හාමිනේ කෙනෙක් දෙම්ළ මිනිස්සු වගයක් විසින් කපල කොටල මැරුවා කියල ආරංචි ආවා. ඊටපස්සෙ කෝලාහල පටන්ගත්ත".
"ඉතින් ඒවට සම්බන්ධවුනු අයට දඩුවම් දුන්නෙ නැත්ද ආණ්ඩුව?"
"එහෙම මුක්ත් වුනේ නෑ".
"වන්දිගෙවීමක් වත්..."
"නෑ.. ගම් අතෑරල ගිය මිනිස්සු ආයි ආවේ නෑ..කාටවත් එහෙම උනන්දුවක් ත්බුනෙත් නෑ."
කතාව අතර තුර මම කේ සී කොළනිය (අම්පාරේ රජගලට සමීප ගමකි. කේ සී යනු කොත්මලේ කොළනිය යන්නයි) නම් ගමට එල් ටී ටී සංවිධානය කළ පහර දීම ගැන උන්වහන්සේගෙන් විමසුවා.
"අපොයි හිත උනුවුනා මහත්ත්යො.. ඒකගෙදරම 14 දෙනෙක් ව කපල තිබුනා. පහුවදාට දානයක් දෙන්න ඒ ගෙදරට ඇවිත් හිටි නෑයො ඒ දාහතරෙන් වැඩිදෙනෙක්. ඒ අය පිට ගම්වලින් ආ අය. මම පාඞශුකූලෙට ගියා".
"හාමුදුරුවන්ට මොකද හිතෙන්නෙ?"
"කැත වැඩ මහත්ත්යෝ.. උං අහින්සක මිනිස්සු.."
"ඔව්, මං ඇහුවෙ ඩිපොව අද තියෙන තැන තිබුණු ගමට ගහපු එකයි කෙ සී කොළණියට ගහපු එකයි.."
"දෙකේම මැරුණේ අහිංසකයෝ.. (වසට ගිය මේ හාමුදුරුවො බයි පාස් සැත්කමකින් පසුව අද තම විහාරස්තානයේ විවේක ලබමින් සිටිනව)
අනිත් කතාව.
පොදුරාජ්යමණ්ඩලීය ශිෂ්යත්වය දිනාගෙන ශාස්ත්රපති උපාධිය හැදෑරීමට විදේශගතවීමට අවස්තාවක් ලද මා අම්මා බැලීමට අම්පාරේ ගියා. ඒ රාත්රී යන බස් ඒකේ. සාමාන්යයෙන් මේ බසය සියඹලාන්ඩුවේ ඒලිවනතුරු නවතාතබා උදෑසන නැවත ගමන ඇරඹීම සිරිත වුවත් මේ වන විට එල් ටී ටී සංවිධානය රජය සමග සාකච්චා පවත්වමින් සිටිනිසා ඒ වන විට මාර්ග විවුරත කර තිබුනා. ඒ නිසා පාන්දර 3 වන විට මා බැසිය යුතු ස්තානයට ලඟාවුනා. ලොකය්යා ගේ මරණය ස්ම්බන්ධ ලිපියෙ කී පරිදි එතැන් සිට කි මී 5 මා පයිං යා යුතුයි. නමුත් පොලිස් පෝස්ට් ඒකෙ මහතුන් මාගේ ගමන වැළෙක්කුවා.
"ඔය පාරේ මේ වෙලාවට අලිය ඉන්නවා. ඉඳලා එලිය වැටුනාම යන්න."
මම එයට එකඟ වුනා. මා ගැන තොරතුරු ඇසූ ඔවුන් මට ගව්රවයෙන් සැලකුවා.
"ඔයා මොන බාසාවෙන් ද එම් ඒ කරන්න යන්නෙ?"
"ඉන්ග්රීසි බාසාවෙන්"
"ආ.."
මගේ ගමේ හැටියට ඒ මට්ටමට පැමින සිටීම ගැන මවිතය පල කළ එතැන සිටි එක් නිළධාරී මහතෙක් තම බිරිඳ ද ඉන්ග්රීසි ගුරුවරියක් බව කිව්වා. (මට ලොකය්යාත් නිම්මි අක්කාත් මතක්වුණා. ආරක්ෂක සේවයේ යෙදී මුරකුටියක රැයපහන් කරන මෙ තරුණ නිළධාරියාගේ බිරිඳ මෙන්ම ලොකය්යා නැති නිවසේ තනිව වෙසෙන නිම්මි අක්කාත් ගුරුවරියක්.) ක්රමයෙන් අපි යුද්ධය ගැන කතාවට වැටුණා. විශ්රාම යාමට ආසන්න වයසේ සිටි නිළධාරි මහතෙක් මෙහෙම කිවවා.
"අපිය් ප්රභාකරන් කෙනෙක් හදාගත්තෙ. මම යුද්දෙට ඉස්සර යාපනේ වැඩකළා. අපිට ඒ මිනිස්සු හරියට ගරු කළා. ගමේ එනකොට නොයෙක් දේ ඒ මිනිස්සු අපිට ගෙනැල්ල දෙනව. කරවළ, අඹ... වැඩිපුරම එහෙට ආණ්ඩුවෙන් යැව්වේ වැරදි කළ නිළදාරීන්. දඩුවම් මාරුවීම් හැටියට.. උං දෙමළ මිනිස්සුන්ට හරියට හිරි හැර කළා".
යාපනේ පාසැලක පැවති කාර්නිවල් එකකට ටිකට් නොගෙන සිස්විල් ඇඳුමින් ඇතුළු වීමට පොලීසියෙ පිරිසක් ගත් උත්සාහයත්, එය සංවිධානය කළ දෙමළ තරුණයන් ඔවුන් ව වැළකූ නිසා මුළු කාර්නිවල් එකම විනාශ කළ ආකාරයත් ඒතුමා විස්තර කළා.
මම මේ සිද්ධි ආශ්රයෙන් මතුකරන කරුණු කිහිපයක් තියෙනවා.
අහිංසක දෙමළ වැසියන්ව වරින් වර ඝාතනය කොට තිබෙනවා. ඔවුන්ව පළවා හැර තිබෙනවා. එවිට රජයේ කාර්යය
1. දෙමළ ජනයා ආරක්ෂා කිරීමයි. නමුත් එය පැහැර හැර තිබෙනව,
2. එකී ඝාතකයන් මංකොල්ල කරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඩුවම් දීමයි. එය සිදු වී නැහැ. (83 ජුලි අපරාධ කරුවන් අතඩංගුවට ගැනීමක් හෝ දඩුවම් කිරීමක් සිදුකර නැහැ.)
3. හානියට පත් අයට වන්දි ගෙවීම. එය සිදුවීත් නැහැ. 83 ජුලි අපරාදයට මුහුන දුන් අයට වන්දිගෙවන බව ලොකයට පෙන්වීමට හෝ චන්ද්රිකා ජනාදිපතිනිය වන්දිගෙවීමක් කළේ අදාල් සිද්දියෙන් වසර 12 කට පසුව යි.
අනෙක් අතට සිංහල ස්මාජය තුළින් මෙකී ජනයාට යුක්තිය ලබාදීම සඳහාවන ව්යාපාරයන් ඇර්ඹුනෙත් නෑ. බලය බෙදීමට එරෙහිව උපාවාස කළ බද්දේගම විමලවන්ස හිමි සහ මදුලුවාවේ සෝභ්හිත හිමි වැනි අය පෙර කී සිද්දි සිදු වුනාම නිහඬව සිටියා මිස එකී වැර්දි කළ් අයට ද්ඩුවම් කළ්යුතුයි කියා හෝ දෙමළ ජනයාට ආරක්ෂාව ලබා දිය යුතුයි කියා හෝ උපවාස කළේ නෑ.
අපි මහජාතිය නම් සුලුජාතිය රැකීමේ වගකීම අප සතුයි. 71 කැරැල්ලෙදි වැරදි කළ රජය පෙරලා දමන්න සමාජ ව්යාපාර කටයුතු කළා. 87-89 කාලයේ නීතිවිරෝධී ඝාතන කළ රජය පෙරලා දමන්න මව්වරුන්ගේපෙරමුණ මතුවුණා. චන්ද්රිකා ඇඹිලිපිටියෙ සමූහ මිනී වලක් හාරල නීතිවිරෝධී ලෙස ඝාතනය කළ තරුනයන්ගේ ඇට සැකිලි මතුකොට ජනයා පෙළ්ගස්වා ඒකී රජය පෙරලුවා.
ඒත් දෙමළ ජනයාට එසේ තමන්ට යුක්තිය නොදුන් රජයක් පෙර්ලිය නොහැකියි. ඒ ඔවුන් සුළු ජාතිය නිසා. එය කිරීම මහජාතියේ කාරයයක් නොව යුතුකමක්. ඒ නිසයි මම කියන්නේ පෙර කී හාමුදුරුවරු පාරට බැහැල දෙපාරක් හඬින් කෑගහල කියන්න ඕන, "දෙමළ ජනයාට ආරක්ෂාව යුක්තිය දීපල්ල. නැත්නම් උන් වෙන්වෙලා යයි අපෙන්" කියලා. නමුත් ඒහෙම දෙයක් වුනේ නෑ.
"ප්රභාකරන් බිහිවුනේ ඉඳහිට දෙමළ ජනයාට එරෙහිව සිංහල ජනයා අතර සිටි සමහර දාමරික කොටස් කළ අමන ක්රියා සහ නින්දා කිරීම් සහ රාජ්ජ්ය්මය වස්යෙන් සිදු වූ බරපතල අත් වැරදි යටතේයි. ප්රභාකරන්ට වඩා සියගුණයකින් දරුණු පුද්ගලයන් දහසක් බිහිවෙන්න අවශ්ය සාධක අප ඉදිරියෙ අද තියෙනවා."
ඒ සාදක මොනවද?
මේ ප්රශ්නයට පිළිතුරු මම දෙන්නේ නෑ. මක්නිසා ද එය ඔබටම කරගත හැකි නිසා. ඒක කරන ක්රමය කියල දෙන්නම්. මෙහෙමයි. දැන ඔබට දෙමළ ජනයා අතරට යා හැකි බැවින් ඔවුන් වෙත ගොස් ඔවුන්ගේ ජීවිතය දකින්න. ඒහි දී ඉතා විවෘතව ඔවුන්ගෙ ජීවිත වලට සිදුව ඇති ව්යසනය දකින්න. අද එහි යන සිංහල ඇතෙම්දෙනා කරන පරිදි යාපනයට ගොස් අව්කන්නාඩි දමාගෙන 'මේ කන්දත් අපේ තමයි වැනි ආකල්පයකින්, අව්වෙන් පිළිස්සීගය මුහුනු වලිනො ඔබ දිහා බලන යාපනෙ වැසියාට ෂෝ දැමීමෙන් ද, හින්දු ජනයාගේ පූජ්ජ්යස්තාන වල ලිං වලින් තම ඇඳුම් සෙදීම් ආදියෙන් වළකිමින් ද (දෙමළ ජනයා එය සළකන්නෙ ඔවුන්ගේ ආගමික විස්වාසවලට අපහාස කිරීමක් ලෙසයි. මෙය අද යාපනයට යන අය අතින් සිදුවෙනව) කටයුතු කරන්න.
මෙය මා කියන්නෙ ඔබ මේ කී ආකරයට කටයුතු කරාවි යන අනුමානයෙන් හෙම නොවේ. ඔබ දක්ෂවුනොත් ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න ඔවුන් ඔබට විවෘත වේවි. ඔබම පිළ්තුර දකින්න. මා කියන්නේ අපට පොවා ඇති මහ කතාවට වඩ වෙනස් වූ යමක් ඔබට පෙනේවි.
ඉහතින් දැක් වූ සියලු සිද්ධි සළකා බලන විට ප්රභාකරන් කෙනෙක් බිහිවීමට බල පෑ සාධක පේනවා. ප්රභාකරන් අවිගත්තෙ පානදුරේ දී ගුටිකෑ නිසානම් ඒ කාලයේම් අවිගත් උමා මහේෂ්වරන් පත්මනාභ, ශ්රී සබාරත්නම් වැනි අය බිහි වුනේ ඇයි කියා විස්තර කරන්න ඕන. ඒ වගේම හිට්ලර්, බෙනිතො මුසොලිනි වැනි අය පමණක් නොව ගාන්ධි නෙල්සන් මැන්ඩෙලා වැනි අය බිහි උනු ආකාරයත් මෙවැනි අහඹු සිදුවීම් වල ඵල ලෙස සලකන්න වෙනව.
මුලින් කී පරිදි අනුරාධපුර පදවියෙ සාමාන්ය වැසියෙක් නම් මෙය කියන්නෙ මම ඊට පුදුම වෙන්නෙ නෑ.මක් නිසා ද ඔහුගේ අත් දැකීම් ප්රමාණය කුඩාවීම සහ එදිනෙදා අත් දකින දේත් අහන්න ලැබෙන් දෙත් එවැනි තර්කික පදනමක් නැති තීන්දු වලට යාමට හෙතුවක් වන නිසා. නමුත් පසුව දුටු ආකාරයට නො ෆ්රේම්ස් මහතා ඉතා හසල ලෙස ඉන්ග්රීසි භාශාවද හැසිර විය හැකි කෙනෙක්.
එවන් දානුමක් ඇති ඔබ, "ප්රභාකරන් අවි ගත්තේ සිංහලුන්ගෙන් ගුටි කෑ නිසාය", "දෙමළ ජාතිකයෝම තමන්ගේ මහ එවුන්ගේ කීම් අසා ගෙන පිටස්තරයාගේ පවුල පන්නා දමන විදිය පිටස්තරයාට තේරෙන්නේ නැත" වැනි කීම් කියන්නේ කොහොමද? සිංහලු 100 ගෙන බලන්න ඔවුන් එකිනෙකා කොතරම් වෙනස් ද එකිනෙකාගෙන් කියා. එසේ දන්නා ඔබ කොහොම ද කියන්නේ "සමස්ත දෙමල ජාතියම එකගොඩ කට දමා' ඔවුන් මාගේ දෙමාපියන්ව පන්නා දමාවි කියා. ඇයි මෙහෙම මුලු දෙමළ ජතියටම එරෙහි වය්රයක් සිහල ජනයා තුළ අති කරන්නෙ?
83 ජුලි කළබල අවස්තාවේ දී දකුනේ සිටි දෙමළ ජනයා ආරක්ෂා කිරීමට ඔවුන්ගේ සිංහල අසල්වාසීන් ක්රියා කළා සේම, යාපනයේ සිටි සිංහල ජනයා ආරක්ෂාකොට ආපසු කොළඹට එවන්න ඒහි සිටි දෙමළ ජනයා කොතරම් වෙහෙසක් ගත්තා ද? මගේ සහොදරයා මරා දැමූ තත්වයක සිටත් මට කියන්න ශක්තිය තියෙනව මගේ අය්ය මිනී මරුවෙක් නොවන්නා සේම මගේ අය්යා මැරූ පුද්ගලයා මිනී මරුවෙක් නොවේ, ඔහු අප එකිනෙකාට එරෙහිව කරන ලද උසිගැන්වීම් වල ඵලයක් ලෙස අවියක් ගැනීමට සිදු වූ පුද්ගලයෙක් කියා.
ඔබ මට චෝදනා කරනවා මා බියසුල්ලෙක් කියා. එය ඇත්ත. මම බයයි. මම යුද්දෙට බයයි. එය මට මගේ ලොකය්ය නැති කළ නිසා. නිම්මි අක්කා වැන්දඹුවක් බවට පත් කළ නිසා. තව ලක්ෂගණන්ක් වටිනා ජීවිත් විනාශ කළ නිසා. ඔබ කියන්වා තව යුද්ද දෙකතුනක් වුනත් කිරීමට සූදානම් බව. යුද්දය අපට ඔබට මෙන් වචන හරඹයක් විතරක් නොවෙයි. එය අපට ජීවිතය හා මරණය අතර සටනක්.
ඔබ මම මූසලයෙක් කියා කියනවා. මෙය කියවන හැම කෙනෙක් ගෙන්ම ඉල්ලනවා මා ලියා ඇති බ්ලොග් සටහන් සියල්ල කියවන්න කියා. මා ලියා ඇති කොමෙන්ට් සියල්ල කියවන්න කියා. ඒ සියල්ල තුලින් පෙනෙන අදහස් දරණ මූසලයා ලෙස අද වෙනතුරුත් නොවෙනස්ව සිටීමට ශක්තිය තිබීම ගැන මා මහත් සේ ආඩම්බර වෙනවා.
මට පොදුවේ භික්ෂූන් ගැන විරෝධයක් නෑ. අප දුප්පත් ගමේ වැසියන් දෙන දානයෙන් යැපෙමින් මියයන තෙක් ජනයාට සේවය කළ පංසලේ ලොකු හාමුදුරුවො ගැන මාගේ ඇත්තේ මහත් ගවුරවයක්. උන්වහන්සේ කවදාවත් ජාත්වාදය ඇවිස්සුවේ නෑ.
අරංතලාවේ දී සිදුවූ භික්ෂු ඝාතනය තැන තැන නැවත නැවත පතුරවමින් ඇතැම් ජේ එච් යූ භික්ෂූන් කටයුතු කරද්දී එසේ ඝාතනයට ලක්වූ භික්ෂූන් සිටි පංසලේ හාමුදුරුවරු 2004 සුනාමියෙන් අනාත වූ දෙමළ ජන්යා සති ගණනක් තම විහාරස්තානයේ තබා ගෙන ඔවුන්ව බලා ගත්තා. වැදාගත්ම දෙය නම් අනාත දෙමළ ජනයාට සෙවන ලබා දී තිබුනේ 31ක් භික්ෂූන්ගේ මිනි තැංපත් කර තිබූ ශාලාවේ ම වීම. මේ භික්ෂූන් කටයුතු කළ ආකාරය සහ මේ සිදුවීම ම ජාති වාදය ඇවිලවීමට යොදා ගැනීමට වෙනත් පිරිස් තැත් කළ ආකාරය පිළිබිඹු කරමින් අශොක හඳගම මහතා විසින් පැලවත්තෙ පිහිටි යං ඒෂියා ටෙලිවිෂන් ආයතනයේ උදව් ඇතිව නිපද වූ නැගෙන හිරින් ඇසෙන නම් නාට්යමාලාව බලන් ලෙස මාගේ බ්ලොග් අඩවියට පැමිණි සැමගෙන් ඉල්ලනවා.
මාගේ මූලික තර්කය නම් භික්ෂුවකට ජාතියක් වෙනුවෙන් පෙනී සිටිය නොහැකිබවයි. යුද්ද්යක් වෙනුවෙන්පෙනී සිටිය නොහැකිබවයි. එහෙත් භ්හික්ෂුවකට එසේ කළ හැක්කේ බුදුන්ගේ කවර ඉගැන්වීම යටතේ දැයි පෙන්වා දෙන්නේ නම් එය සලකා බැලීමට සූදානම්.
මා බ්ලොගය ආරම්භ කළ හෙතුව මෙහෙම ලිව්වා, දුකාට හා කසුන්ට ලියූ ප්රතිකොමෙන්ට් ඒකේ.
"...මේ අතරෙයි එකයාලුවෙක් මට බ්ලොග් එක අඳුන්නලා දීලා හිතේ තියාගෙන ඉන්න ඒවා ලියන්න කිව්වේ. කොහේ හරි ඉන්න මේව තේරෙන මිනිස්සු ඒවා කියවාවි කියල."
ඒ අර්මුණින් පටන් ගත් බ්ලොග් අවකාශයේ දී හමු වූ යහපත් හදවත් ඇති වර්ගවාදී අදහස් වලින් උමතු නොවූ ඔබහැම දෙනා ගැන ම මට හරි සතුටුයි. යුදජයග්රාහී මාන්සිකත්වයක් යටතේ මාද්ය මගින් පවත්වාගෙන යන මහාකානිවල් එකක මුලු ජාතිය ජීවත් කෙරෙන සමයක යමක් හෙතුවාදී ලෙස ද මානුෂික ලෙස ද දකින්නට පුලුවන් පිරිසක් තව දුරටත් ඉතිරි වී සිටීම මහත් බලාපොරොත්තු දල්වන්නක්.
මා මේ ප්රශ්න විග්රහ කරගැනීමේ දී ඔබට පෙනුනු පරිදිම මහා න්යායයන් පාවිච්චි කළේ නැහැ. ඒ වෙනුවට සත්ය වූ සිද්ධීන් පමණයි බාවිතා කළේ. එකී සිද්ධීන් යතාර්ථයෙන් ඈත් වූ න්යායයනට වඩා සත්යයට ළඟයි. එසේ ම පොදුවේ පිලිගැනුනු 'මහකතාවට' (එනම් අපගේ මනසට කවා ඇති කතාවට) වඩා හැමවිටම වෙනස්. ඒ වගේම් කතා කීපයක් ගත්තොත් ඒවා ද එකින් එකින් වෙනස් වන බව පෙනේවි. ඒ අනුව මහා සත්යයක් නොමැති බවත් සත්යය යනු ම ඉතාම සංකීරණ දෙයක් බවත් පෙනේ වි.
එසේ තිබිය දී අප මත තොරා ගත් මහා ස්ත්යයක පටවනු ලබන්නේ කාගේ හෝ සඟවා ගත් පුද්ගල බද්ද වුවමනාවක්/උවමනාවන් ඉටුකර් ගැනීම සඳහාය යනු මාගේ පිලිගැනීමයි. එසේ මහා සත්යයක් පවත්වාගෙන යන්නට තැත්කරන්නන් ඒ මහා සත්යයට අභියොගයක් ඒන විට ඉතා දරුණු ලෙස කිපෙන්නේ එබැවිනි.
ඒවන් අවස්තාවල්දී ඒකී මහා සත්යයට පටහැනි වූ ස්ත්යය පරාජය කිරීම සඳහාත් මහාස්ත්යය පවත්වාගෙන යාම ස්ඳහාත් කලින්ම තනාගත් කලු සහ සුදු තේරුම් සhiත වචනමාලාවක් ඇත. ඒවායේ ස්ංකේතාරථ තදින්ම මිනිසුන්ගේ සිත් වලට කාවද්දා ඇති බැවින් එකී වචනකින් පහර දී අලුත් අදහසක් ගෙන එන්නා බිම් දැමිය හැකිය. එම කලු වචනයන්ගෙන් සමරක් නම් ''ද්රෝහියා', 'රටපාවාදෙන්න', 'රටකඩන්න හදන එකා', 'සිංහල කොටියා', 'ත්රස්තවාදියා', එන් ජී ඕ කාරය', 'ඩොලර් පප්පා වැනි දේයි.
මා, යුදසෙබලා සම්බන්ද්යෙන් මවා ඇති මහා සත්යයට වෙනස් වූ ස්ත්යයක් ගෙන ආවිට පළමුවෙන් ම මට පහර් දිය හැකි පෙර දැක් වූ කලු වචනයක් වෙත තල්ලු කරගෙන යාමට උත්සාහ කිරීම මෙයට උදාහරණයි. මා නැවත නැවත් ඔබගෙන් ඉල්ලා සිටිනවා මාගේ සියලුම බ්ලොග් තුලින් කොතැනක හෝ බලය බෙදීමක් ගැන කතා කර්තිබේ දැයි බලන්න කියා. මේ සම්බන්ධයෙන් කසුන් සහෝදරයා කරන විග්රහය මා මෙහි දක්වනවා.
March 18, 2010 10:37 PM
kasun | said...
>ලොක්කයියා ගේ මරණය හරහා බලය බෙදන්නට ඕනෑය, මේක අප හැමගේම රටය යන කරුන මතු කිරීමට උත්සාහ කරනවා.<--No Frames
පිටස්තරයාගෙ සටහන මම නැවත නැවත කියෙව්වත්, මෙතැන 'බලය බෙදීමක්' ගැන කතාකෙරෙන්නේ කොතැනද කියල හොයාගන්න බැරි උනා. මානූෂික කතන්දරයක්, ඔලුවේ තිබෙන හීනමානී අදහස් වලට සාපේක්ෂව ගලපා බලන්නෙකුට මිස මෙම සටහන බලය බෙදීමක් ගැන කෙරෙන සටහනක් ලෙස වටහාගන්න හැකි වෙන්නේ නැහැ.
අනික, මේ රට, මෙහි ජීවත් වන 'අප හැමගේම රටය' කියන දේ අමුතුවෙන් මතුකරන්න තරම් දෙයක් නෙමෙයි. සත්යය එයම නිසා. බලලෝභි දේශපාලනයේ සහ උම්මත්තම මානසික ව්යාධීන්ගෙන් පෙලුනු/පෙලෙන මිනිසුන් විසින් වපුරපු දේවල් නිසා දශක ගණන් තිස්සේ එකිනෙකා ලේ හලාගත්තා, ඒත් අවසානයේ තවමත් ඉතිරිව සිටින්නන් පවා සිදුවූ දේ පිළිබඳව දකින්න උත්සහ කරන්නේ එකිනෙකාට පෞද්ගලික වෙන පටු සීමාවන් වල ඉඳගෙන නම් අනාගතය තව දුරටත් අඳුරු වීම අනිවාර්ය්යක්. අනෙකා වටහාගැනීමේ උවමනාවක් නැති, යථාර්ථයට වඩා-බුද්ධියට වඩා පටු හැඟීම් වලට ඉඩදෙන මිනිස්සු අහිනක් අතර 'ලොක්කයියා' හෝ යුද්ධය විසින් මරාදැමුණු දසදහස් ගණන් ජීවිත වලට සාධාරණයක් ඉටුවෙන එකක් නැහැ. මේ හැම එකාටම මරන්න මිස ජීවත්කරවන්න අවශ්යතාවයක් නැහැ.
හැමදේටම වඩා, -බලය, ආගම-ජාතිය, කුලය මේ ආදි හැමදෙයකටම- වඩා ප්රාතමිකම දේ වෙන්නෙ මනුෂ්යත්වය. මිනිස්සු ඒක වටහා නොගන්නා තාක්, මේ දේවල් වල වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.
--
"මේ සිංහල අපගෙ රටයි" කියන යෙදුම "මේ සිංහල අපගෙ (පමණක්) රටයි" ලෙස කියැවෙන ඕනෑම සන්දර්භයක් තුලදී මම ඔය කියන 'මහම මහ මූසලයා' වෙන්න හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා.
'හැඟීම් වලට සත්ය යටපත් කරන්න බැහැ' ඒ වගේම සත්ය කියන්නේ මතුපිට හැඟීම් වලින් විතරක් වටහාගන්න පුලුවන් දෙයකුත් නොවේය කියන දේත් තේරුම් ගන්න පුලුවන් නම් වැදගත්.
March 20, 2010 2:04 PM
මා මුලින් කී පරිදි සිද්දි සහ අත්දැකීම සංකීර්ණ වූ සත්යයන් දැකීමට උදව් වන බැවින් අපට පුලුවන්නම් ඒවා ඒකතු කරන්නට අපිට පුලුවන් වෙයි ලොකු යමක් කරන්න. උදාහරණයකට මා දැනට සිටින සරසවියේම සිටින යාපනේ ශිෂ්ය සහෝදරයෙකු ලොක්කය්යාගේ කතාව දෙමළ බසට නගා යාපනයේ පුවත් පතක පල කිරීමට ඒකඟ වුනා.
සෙබලා යකෙක් ලෙස වූ මහා සත්යයක් තිබුනු යාපන්යෙ ලොකය්යාගේ කතාව පල වුනොත් අවියක් ගෙන ඔවුන් ඉදිරියේ සිටින සෙබලාගේ මානුෂික ජීවිතය ඔවුන් දකීවි. එල් ටී ටී සාමාජික්යෙකු ලෙස සිට මියගිය අයෙකුගේ සහෝදරයෙක් හෝ සහොදරියක් මෙය දුටුවොත් මේ කතාව තුළ මියයන පුද්ගලයා මියගිය තම සහෝදරයාට කොතරම් ස්මීප දැයි දකීවි.
බලන්න සත්ය වූ කතාවකට කොතරම් ප්රබල යමක් කළ හැකිද කියා.
අනෙක් වැදගත් කරුණ නම් එල් ටී ටී එක සිටියා නම් ලොකය්යාගේ කතාව එහෙ පලවෙන්න ඉඩ දෙයි ද? උත්තරය නැත යන්නයි. මක් නිසා ද එල් ටී ටී එක පවත්වාගෙන ගිය 'මහාසත්යයට ද ඒය අභියෝගයක් වන බැවිනි.
හොඳින් තේරුම් ගන්න. දෙපැත්තේ ම යම් පිරිසකගේ පැවෙත්ම සඳහා පවත්වාගෙන යන මහා ස්ත්යයට එක මිනිසකු සම්බන්ධ, එකම ඒක මිනිසකු සම්බන්ධ සත්යය අභ්හියොගයක් වන ආකාරය. දෙපැත්තේ ම අන්තවාදීන් මහා සත්යයන් පවත්වාගෙන යන අතර ඔවුන් දෙපිරිසම එයට වෙනස් වූ සත්යයට බයයි. ඒ එම මහා ස්ත්යයට පරිබාහිර සත්යය දෙපස සිටින පිරිස දැනගත හොත් ඔවුන් භේද කොට තබා ගැනීම අසීරු නිසා.
ඒ නිසා මෙහිදී හමු වූ හදවත් ඇති සැමගෙන් ඉල්ලා සිටිනවා ඔබ දන්නා කතා එකතු කරන්න. මම ගල් ඔය ව්යාපාරයෙ වැඩකළ පුද්ගලයාගේ කතාව ගත්තාක් මෙන් යුද්දයට පෙර යාපනයේ වැඩකළ ඔබේ වැඩිහිටි නෑයන්ගේ අත්දැකීම් සිද්ධි ඒකතු කරන්න. මම උත්සාහ කරනවා අපිට නො ඇසුනු දෙමළ මිනිසුන්ගේ කතා එකතුකොට සිංහලට පරිවර්තනය කරන්න.
නිසැකවම මුලු දෙමළ වර්ගයාගේ මස් කෑ යුතුයි කෛයන අය එයට එරෙහි වෙයි. ඒත් මේ සාකච්චාව ආරම්භ කළේම නැවත මහ විනාශයක් වලක්වන්න අපි කුමක් කළයුතු ද යන අදහසින් වන නිසා ඔවුන්ගේ හතුරු වීම අප සැලකිල්ලට නොගත යුතුයි.
බුමුතුරුණු මහතා කී ත්රිකුනාමලයේ තරුණයාගේ කතාව හොඳින් සංවිදානය කර ලිව්වොත් ඒක අපිට හොඳ අත් දැකීමක් වේවි.
නෝ ෆ්රේමස් මහතාට කියන්න තියෙන්නෙ ඔබට උවමනායි යුද්දය, ඔබට උවමනායි දෙමළු හා සිංහලුන් සැම දා සතුරන් ලෙස සිටීම. මගේ වුවමනාව ඒහි අනික් පැත්ත. අනෙක් අතට ඔබේ තර්කවලට හෙතුවාදී පදනමක් නෑ. සියලු දෙමළුන් එකවගේ යැයි කිසිම තර්කයක පිහිටා කිව නොහැකිමුත් ඔබට එසේ කිය හැකියි. භික්ෂූන් ඒකජාතියක් වෙනුවෙන් විතරක් පෙනී සිටීම බුදුදහමට ඒරෙහි බව කීවිට ඔබ කළයුතුව තිබුනේ ත්රිපිථකයෙන් සූත්ර උපුටා දක්වමින් මාගේ අදහස පරාජය කිරීමයි. නමුත් එයට ඔබ කීවේ උන්වහන්සේලාට මා මඩගසන බවයි. ඒය මඩ ගැසීමක් නම් මට ඔබට කියහැක්කේ මට ඒ මඩ අනා දුන්නේ බුදුන් බවයි.
මාගේ මේ පිළිතුරු ලිපියෙන් මතුවන කරුණු සම්බන්ධයෙන් ඔබට පිළිතුරු දිය හැකිය්. එහෙත් ඒ පිළිතුරු ලිපියට මා නැවත පිළිතුරු සපයන්නේ නෑ. හේතුව මාගේ අරමුන සමග ගත්විට ඔබට පිළිතුරු ලියන්න කාලය ගත කිරීම අර්ථයක් නැති බැවිනි. මේ සංවාදයට සම්බන්ධ වූ සෑම දෙනාටම ඉස්තූති කරන අතර ඒ අයගෙනුත් මා ඉල්ලා සිටින්නේ නෝ ෆ්රේම් මහතාලියන දෙයට පිළිතුරු දීමට කාලය නාස්ති නොකරන ලෙසටයි.


17 Comments
March 21, 2010 7:54 AM
//නමුත් එයට ඔබ කීවේ උන්වහන්සේලාට මා මඩගසන බවයි. ඒය මඩ ගැසීමක් නම් මට ඔබට කියහැක්කේ මට ඒ මඩ අනා දුන්නේ බුදුන් බවයි.//
උඹේ කටට කැරට් 24 රත්තරං කුට්ටියක් ඔබන්න හිතෙනව. :-)
March 21, 2010 8:38 AM
ගල් ඔය මිටියාවතේ වැව්ගම් පත්තුව මට නුහුරු නුපුරුදු තැනක් නොවේ. හය හතර නොතේරෙන කළ වැව්ගම් පත්තුවේ කට්ට අව්වේ වේලෙන මිනිසුන්ගේ දාඩිය සුවද ඉව කළ මම පානම් පත්තුවේත් බින්තැන්න පත්තුවේත් කරක් ගැහැව්වේ තනියෙන් කරක් ගැහීමට හැකි වූ කලය.
අමු සිංහල ගම්මාන වන නුගේලන්ද, රජගලතැන්න, බදුළු හන්දිය හා බක්කි ඇල්ල කොටි කටේ තිබුණි. එහෙත් ඒවා මග හැර ආ කොටි වෙනත් ගම්මාන සමූල ඝාතනය කළහ. අවට සිංහල ගම්මානයන්ට අබටෙක හෝ හානියක් නොකර පුළුකුණාවේ ඒකාබද්ධ කදවුර එක්නෑර විනාශ කළහ. 1990 දී නැගෙනහිර පොලිස් ස්ථාන වලට පහර දීමට පෙර සිංහල ගැමියන්ට පණිවුඩ එවා ආරක්ෂාව තහවුරු වූ පසු ඒවා විනාශ කළහ. මෙසේ වූයේ ඇයි?
මට මේ කරුණු එකින් එක පැහැදිලි කර දුන්නේ ගල් ඔය මිටියාවතේ ගිනි අව්වේ බැට කන පියවරුන්ය, මව්වරුන්ය. ලේ උරුමකරුවන්ට නොතේරෙන යමක් ඔවුහු තේරුම් ගෙන සිටියහ. ගල් ඔය මිටියාවතේ මිනිස්සු සැබෑ සිංහලයන් වන්නේ එබැවිනි.
පිටස්තර සහෝදරයාණෙනි, ඔබේ පිළිතුරෙහි මා කැමැතිම කොටස ඇත්තේ අවසන් පරිච්ඡේදයෙහිය. මේ ලේ උරුමකරුවන් සමග සංවාද කිරීම කාලය කා දැමීමකි. අප මේ මොහොතේ කළ යුත්තේ ලේ උරුමකරුවන්ට පිළිතුරු දීම නොවේ. ඔවුන් විකෘති කළ සැබෑ සිංහල උරුමය මතු කර ගැනීමයි.
සැබෑ සිංහල උරුමය ගොඩ නැගී ඇත්තේ අනෙකාගේ ලේ හා මස් මත නොවන බව අපට සහතික කළ හැක්කේ එවිටයි.
ශාන්
March 21, 2010 8:49 AM
ඔබ හරි සහෝදරයා. මේ කටයුත්තට අතගැසූ නිසා ඔබලා වාගේ උසස් මිනිස්සු හමු වුණා. ඒ වගේම අනිත් අයගේ තත්වයත් හොඳින් හෙලිවුනා. අපි ඉදිරියට යං. :)
March 21, 2010 11:05 AM
යුද්ධය සමයේ සිංහල වර්ගවාදීන් සිංහල වර්ගවාදය කර තබාගෙන යෑම මට තේරුම් ගත හැකියි. ඒත් යුද්ධය නිමාවූ පසු තවදුරටත් දෙමළා පාගා ගෙන සිංහලයා නැඟී සිටිය යුතුය යන පටු මතවාදය ඉදිරියට ගෙන යා යුතුද? වසර තිහක් තිස්සේ මිහිමත අපාදුක් විඳි දෙමළුන්ට තමගේ රටේ තුළ වෙනත් ජනවර්ගයකට බාල්දු නොවී හිස කෙළින් තබාගෙන ජීවත්වීමට ඉඩ දෙන්නට කාලය නේද මේ?
අඩු තරමින් පෙර සිංහල වර්ගවාදීන් දෙදනකු වෙනස් වී ඇති ආකාරය ගැන මා සතුටුයි. පෙර ඉතාම ජඩ වර්ගවාදියකු වූ චම්පික රණවක මේ මැතිවරණයේදී ජාතිවාදය ඇවිස්සීමෙන් වැළකී සිටීම අගය කළ යුතුයි. දැන් ඔහුගේ තේමාව පරිසරය සුරැකීම. එවැනිම අන්තවාදියකු වූ ගෝමින් දයාසිරි මෑතකදී පුවත්පතකට දෙමළුන්ට හිමි වියයුතු දේ නොදෙන්නේ නම් නැවත ප්‍රභාකරන් කෙනකු බිහිවන කාලය ඈත නැති බව ලියා තිබුණා. මේ වෙනස් වීම් දෙකම මා අගය කරනවා. අතීතය වැදගත් නෑ. දැන්වත් වෙනස් වන්නට ඔවුන් කැමති නම් එපමණයි අපට අවශ්‍ය.
March 21, 2010 11:13 AM
වටිනා මැදිහත්වීමක්.ශාන් කියල තියෙනව වගේ මතාන්ධයන් සමග "සංවාද" කිරීම තේරුමක් නැහැ.සිංහලවාදී මතයක සිට වුනත් සංවාද කල හැකි අය බ්ලොග් අවකාශයේ නැතිවාම නෙමෙයි.( මගේ මතකයට නැගෙන්නේ පන්හිද සමග ලියුව මිගාර)නමුත් බහුතර මතාන්ධයන් සංවාදයන්ට විවෘත නැහැ.ඒ අය සමග ගැලපෙන්නේ සංවාද නොව විවාදයි.නිර්දය ලෙස ඔවුන්ගේ මතවාදී බංකොලොත්කම හෙලිදරවු කිරීමයි.
March 21, 2010 4:44 PM
රාමචන්ද්‍ර සමඟ එක් කාරණාවක් සම්බන්ධව එකඟ නොවෙමි. පන්හිඳ සමඟ ලියූ මිගාර ප්‍රතිවාදීන් සමඟ වාද වලදී ඉතාම අසාදාචාරාත්මක (unethical) විධි භාවිතා කළ කෙනෙකි. කිහිපයක් පහත දක්වමි.
1. තමන්ගේ අඩවියේ නිර්නාමිකව හෝ ආරූඪ නම් (උදා: පද්දා) වලින් කමෙන්ට් දා ගනිමින් ප්‍රතිවාදියාට පහත් ලෙස මඩ ගැසීම. පුදුමයකට මෙන් මේ 'නිර්නාමික' කමෙන්ටු දාන පද්දලා ඉන්නේ ඔහුගේ අඩවියේ විතරක් වන අතර ඔවුන්ගේ අදහස්ද මිගාරගේ අදහ්ස් වලට 100%ක් අනුගතය.
2. ප්‍රතිවාදීයා ඇමතීමේදී අපහාසාත්මක පද භාවිතය. (උදා: ඔහු මා අමතන්නේ 'ටැබුවා' ලෙසිනි. BF 'බියොන්ඩ් ෆ්‍රේමයා', 'රාමු රහිතයා', 'බහි රාමුවා' වෙයි.)
3. කාරණා ගැන කතා නොකොට එදා අරක කී මෙදා මේක කී යනුවෙන් ජාතකය ඇදගෙන වාද කිරීම.
4. වෛද්‍යවරයකුට කිසිසේත් නුසුදුසු අපහාසාත්මක භාෂාවක් භාවිතා කිරීම. (උදා: 'ගොන් කතා කියන අමන රෑනට')
5. මතුකරන කාරණාවට උත්තර නොදී වල්පල් කියමින් ප්‍රතිවාදියාට පහර දීම. (මේ පෝස්ටයේ මා සමඟ කරන වාදය බලා ඔබම තීරණය කරන්න. http://panhinda-samaga.blogspot.com/2010/02/blog-post_19.html)
උදාහරණ රාශියක් පන්හිඳ සමඟ නමින් ඔහු පවත්වාගෙන ගිය මඩ බ්ලොග් එකෙන් දැක්විය හැකිය. ඊට කාලය වැය කිරීම නාස්තියකැයි සිතෙන නිසා මින් නවතිමි.
March 21, 2010 5:03 PM
This comment has been removed by the author.
March 21, 2010 5:08 PM
රාජිණී තිරාණගම, රාජන් හුලේ, කේ ශ්‍රී ධරන් හා දයා සෝමසුන්දරම් එකට එකතුවී ලියූ "බිදුණු තල් රැක" එහි දෙවැනි පිටුවේ මෙහෙම කියනවා.
"කුමාරි ජයවර්ධන සිය ලියවිලි මගින්(1984 ජුනි/ජූලි ලංකා ගාඩියන්) පෙන්වා දී ඇති කරුණක් නම්, ඉන්දීය ද්‍රවිඩයන්ට ඡන්ද බලය අහිමි කළ පාර්ලිමේන්තුවේ ඡන්දය, හුදෙක් ඡාතිවාදී ඡන්දයක් නොවූ බවයි. ප්‍රධාන වාමාංශික පක්ෂ වලින් පනතට දැඩි විරෝධය පළ විය.ආචාර්ය එන්.එම්. පෙරේරාගේ නායකත්වයෙන් ලංකා සමසමාජ පක්ෂය ද ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වයෙන් බොල්ෂෙවික්-ලෙනිනිස්ට් පක්ෂය ද පීටර් කෙනෙමන් ගේ නායකත්වයෙන් කොමියුනිස්ට් පක්ෂය ද ඊට විරුද්ධව ඡන්දය දුන්හ. මේ පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි දෙනෙක් සිංහලයෝ වූහ. ප්‍රමුඛ බෞද්ධයකු හා නීතීවේදියකු වූ එච්. ශ්‍රී නිශ්ශංක මේ පනත නීතියේ ප්‍රථම මූල ධර්මයට පටහැනි යැයි කියමින් ඊට විරුද්ධ වූයේ ය. මේ පනතට විරුද්ධව ඡන්දය දුන් වෙනත් ප්‍රමුඛ සිංහල ස්වාධීන මන්ත්‍රීවරුන් අතර විල්මට් පෙරේරා, ආර් එස් පැල්පොල, අයි එම් ආර් ඒ ඊරියගොල්ල හා ලක්ෂ්මන් රාජපක්ෂ යනාදීහු වූහ."
සහෝදරවරුණි,
වාමාංශික පක්ෂයන්හි හැසිරීම මොහොතකට පසුවට තබමු.
එච්. ශ්‍රී නිශ්ශංක,විල්මට් පෙරේරා, ආර් එස් පැල්පොල, අයි එම් ආර් ඒ ඊරියගොල්ල හා ලක්ෂ්මන් රාජපක්ෂ යන සිංහල මන්ත්‍රීවරු මේ පනතට විරුද්ධ වූයේ ඇයි? ලේ උරුමයේ තක්කඩියන්ට වඩා මේ සිංහල මන්ත්‍රීවරු දෙමළුන්ගේ අයිතීන්ට සංවේදී වූයේ ඇයි?
සිංහල උරුමය අලුතින් ලිවිය යුතු යැයි මා පවසන්නේ එබැවිනි.
ශාන් - බුමුතුරුණු
March 21, 2010 10:46 PM
1. ඔබ කතා කරන්නේ තනි තනි සිද්ධි ගැන විතරයි. ඔබ කියන සිද්ධි ඇත්තටම වුනාද එහෙම නැත්නම් හදලා කියනවද කියන්න මම දන්නේ නෑ. හැබැයි සන්සෝනි කොමිෂ සභා වාර්තාවෙ නම් තියෙනවා වන්නියෙන් සිංහලයන් එළවපු ආකරය සාක්ෂිත් එක්කම. සිංහලයන් විශාල සංඛ්‍යාවක් (5,000 - 10,000 පමණ ) යාපනයෙන් එලවා දමා ඇති බව තමයි එයින් කියවෙන්නේ. මේ සිද්ධි වලටත් කාටවත් දඬුවම් හම්බ වුනේ නෑ. මම කාලෙකට කලින් වැඩ කලේ තලවකැලේ. 80ට කලින් නුවර එළිය දිස්ත්‍රික්කය ඇතුලේ සිංහලයන් බොහොම හිටියා. 1983 ජූලි කලබල එක්ක මෙහි හිටි සිංහලයන් සිය ගණනක් මරලා දැම්ම. අනික අය එළවලා ඉඩම් අයිති කර ගත්තා. මේ අය ගැන වචනයක් වත් අද කතා වෙන්නේ නෑ.
ඒ නිසා අතීතයට නැවත නැවත දුවමින් දෙපාර්ශවය මළකුණු ඇද පෙන්වීමෙන් සිදු වන්නේ අවට තවත් ගඳ ගැසීම පමණයි.
2. ඉහත ද්‍රවිඩ ඝාතකය්නුත් තවම නීතිය ඉදිරියට ගෙනත් නැහැ
3. උතුරු නැගෙනහිරින් එළවා දැමු සිංහල හා මුස්ලිම් ජනයාටත් තවමත් වන්දි ගෙවා නෑ.
එනිසා දෙමළ අයට පමණක් අමුතු අසාධාරණයක් සිදු වූ බව පෙන්වන්නට යාමෙන් වන්නේ සිංහලයන්ගේ සහය අහිමි වීමයි
March 21, 2010 11:00 PM
පිටස්තරයා තර්ක කරන්නේ මහපොළොවේ පය ගසා නොවේ. 1983 කළු ජූලියේදී ද්‍රවිඩයන් මරන්නට සාමාන්‍ය සිංහලයන්ට වුවමනා නොවීය. නමුත් "සමූහ මානසිකත්වය" මගින් ඔවුන්ගේ පැවති වැටකොටු බිඳ දැමූ විට, ඔවුන් අතින් එය සිදු වුනා. ද්‍රවිඩ ජනයාගෙන් 99.9% සිංහලයන් ගම් බිම් වලින් එළවා දැමීමට කැමති නැති බව පැහැදිලියි. නමුත් "සමූහ මානසිකත්ය" මගින් එයට පෙළබවූ විට එයට විරුද්ධ වීමට සාමන්‍ය දෙමළ ජනයාට නොහැකියි. එවිට ඔවුන් ක්‍රියා කරන්නේ අරෙ 0.1% වූ පිරිසගේ මෙහෙයවීම මතයි. සියළුම විනාශය රැඳී ඇත්තේ ඒ හැකියාව මතයි. එක එක වචන අල්ලා ගන්නේ නැතුව මුළු ලියවිල්ලම එකක් සේ ගෙන තේරුම් ගනීවි යයි බලාපොරොත්තු වෙනවා
March 21, 2010 11:11 PM
ඔබ යුද්ධෙට බය ඔබට ලොක්කයිය අහිමි වෙච්ච නිසා. නමුත් වන්නි හත්පතුවේ පුතුන් අහිමි වෙච්චි මවුවරු, දකුණේ පුතුන් අහිමි වූ මවුවරු, සිය පුතුන් ලේ හලා මේ දිනා ගත් නිදහස නැවත පාවා දෙන්නට සූදානම් නෑ. ඒ පුතුන්ගේ ලේ උරාගත්තු පොලොව මත පය ගහල තමයි "මායිම් ගම්මාන" කියල කුණු කූඩෙට විසි කරපු ගම්මන ආයෙත් කකුල් දෙකෙන් නැගිටලා ඉන්නෙ. කොටි අවුරුදු 30ක් තිස්සෙ අපෙන් හූර ගත්තු දෙවල් ගන්න අපි ආයෙත් ලෑස්තියි. යම් යම් විජ්ජාවල් හරහා අපේ ගොවි බිම්, කැලෑ බිම් අපට නැති කරනවා නම් මුලු පදවිය - සිරිපුර - පරාක්‍රමපුර අපේ නූපන් දරුවන්ගේ අයිතිය වෙනුවෙන් සටනට බහින්න සූදානම්. ලොක්කයියා අහිමි වීමෙන් උකටලි වූ ඔබ කරන්නේ ආත්මර්ථකාමි කම නිසා කඳුළු සලමින් "යුද්ධයක් එපා" යයි මොර ගෑම විතරයි. අපි කරන්නේ "අපේ ගොවි උරුමය දියවු" කියල විතරයි. ඒ අපි ගැන විතරක් ගැන හිතලම නෙවෙයි. ඒ උරුමය නොදෙනවා නම් නැවත නැවතත් සටන් කිරීමට අපි සූදානම්.
March 21, 2010 11:18 PM
@ බුමුතුරුණු
මධ්‍යම කඳුකරයේ ද්‍රවිඩ ප්‍රශ්නය අප විසින් වරද්දා ගත් එකක් බව සැබෑය. නමුත් වතුකරයෙ ද්‍රවිඩ ජනයා කොටි සමග සම්බන්ධ වූයේ ස්වල්ප වශයෙනි. (කුල ප්‍රශ්නය වන්නට ඇතැයි සිතනවා). ඉන්දියානු දෙමළ ජනයාට පුරවැසිකම නොදීමේ ප්‍රශ්නය මෙයට මුල නම් ප්‍රචන්ඩතාවය ඇරඹිය යුතු වුනේ මධ්‍ය කඳුකරයෙන්. නමුත් පසුගිය අවුරුදො 30 පුරාම එය සාමකාමීව හෝ ඒ වාගේ පැවතුණා. ඔබ ඉදිරිපත් කරන තර්කය කොහෙත්ම ගැලපෙන්නේ නැත.
March 21, 2010 11:34 PM
@No Frames " කොටි අවුරුදු 30ක් තිස්සෙ අපෙන් හූර ගත්තු දෙවල් ගන්න අපි ආයෙත් ලෑස්තියි". හරිම කණගාටුදායකයි සහෝදරයා ( නහී වේරේන වේරානි. ) :(
March 22, 2010 12:13 AM
මා බ්ලොග් අවකාශයේ දේශපාලන සංවාද වලින් ඉවත්ව සිටින්නට සිතීමි. නමුත් විසින් කරන්නට යෙදුනු චෝදනා ගැන යමක් නොලියා සිටීමට නොහැකි හෙයින් ලියමි. මාතෘකාවට අදාල නොවන දෙයක් පවසන්නට වීම ගැන පිටස්තරයාගෙන් උදක්ම සමාව අයදිමි.
taboo වනාහි ඔහු විසින් දක්වන නීති ඔහු විසින් පිළි නොපදින්නා වු අමුතු දේශපාලන සත්වයෙකි. ඔහු විසින් මහත් උත්කර්ෂයෙන් පවසන්නට යෙදුණු කරුණු ඔප්පු කර පෙන්වන මෙන් පැවසීම නිසා හේ මා හා උරණ වී සිටී.
1. taboo මේ චෝදනාව කරන්නේ මට පමණය. ඔහුගේ කුඩු කන සගයන් විසින් එළිපිටම කරන මේ කරුණ ගැන ඔහු කතාවක් නොමැත. taboo ගේ අඩවියට පමණක් එන සමහර නම් ඔහුගේ ආරූඪ නම් ලෙස මා සඳහ්න් කරන්නේ නැත. මගේ බ්ලොගයේ එබඳු කිසිදු කටයුත්තක් සිදු නොවේ. taboo තනිකරම ඔහු මතවාදීමය වශයෙන් කුජීත වීමේ සිත් වේදනාවෙන් එල්ල කරන චෝදනාවකි.
2. ප්‍රතිවාදියා කෙසේ වුවත් පාප් වහන්සේට "පෝප" ලෙසත්, බුදුන් වහන්සේට නිකම්ම "ගෞතම" ලෙසත් ඇමතුවේ මා නොවේ. දුමින්ද සිල්වා ගේ මවගේ ස්ත්‍රී නිමිත්ත ගැනත්, මර්වින් සිල්වාගේ ජාතකය ගැනත් කතා කලේ මා නොවේ. taboo ගේ මැට්ටම්, තම්මැට්ටම්ය. අනික් අයට කට පුරා කුණු කතා කියන මේ සත්වයාගෙ මොළකැටි සිත "ටැබුවා" කියු පමණින් රිදේ!
3. නගන ලද ප්‍රශ්න වලින් පැන යාමෙ අති උත්තම ගුණය ඇථ්තේ taboo ට ය. වරෙක "මම මෝඩයන් හා වාද නොකරමි" කියා පැන යයි. වරෙක "මම ජාතිවාදීන් හාව් ආද නොකරමි" කියා පැන යයි. මේ ඔහුගේ නිවට චරිත ලක්ෂණයන් විය හැකිය. ඔහු මේ වන තුරුත් ම්හැදුරු නලීන් සිල්වාට ගණිතය බැරි බව ඔප්පු කර පෙන්වන බවට පාරම් බෑ මුත් එය ඔප්පු කර නොමැත.
4. අවසානයේ මා රැකියාවද ඔහු ඇද ගන්නේ ඔහුගේ මතවාදීමය පුස් බව වසා ගන්නටය. මා වෛද්‍යවරයකු ලෙස කතා කරන්නේ එලෙස ක්‍රියාකරන විටය. "පන්හිඳ සමග" බ්ලොගයෙන් වෛද්‍ය ප්‍රශ්න කතා නොකරයි. එනිසා එබඳු සීමා අවශ්‍ය නැත.
5. හැකි සෑම විටම taboo මෙවන් ප්‍රහාර එල්ල කරන්නේ මතවාදීමය තලයේ ඔහුට යන එන මං නැතිවී ඇති නිසාත් ඔහු බොරු කාරයෙකු බව මේ වන විට ඔප්පු වී ඇති නිසාත්ය.
නැවත වරක් අදාල නොවන දෙයක් කතා කිරීම ගැන පිටස්තරයාගෙන් සමාව අයැද සිටිමි
3.
March 22, 2010 6:55 AM
ඔබ වැරදියට තේරුම් අරගෙන ආලවක සහෝදරයා. අපේ මිනිසුන් ගොඩක් දේ ඉල්ලන්නේ නෑ. පරම්පරා ගතව වගා කරපු ඉඩම් සහ වගා කරන්න වතුර දෙනව නම් අපේ මිනිස්සු කවදාවත් නාගරික මද්‍යම පංතිකයන් වගේ බඩු මිල ගැන ආණ්ඩු වලට බැන බැන ඉන්නේ නෑ. අපිම වවන් අපිම කනවා. ඉඩම් තියෙනාඅ නම් ඒ මිනිස්සුන්ගේ දහඩිය, කඳුලු, ලේ වලින් පවා ඒ බිම් සාරවත් කරන්න ඔවුන්ට පුළුවන්. කොටි අපෙන් ගත්තේ ඉඩම්. කොටි අපිව පැන්නුවාම නැති වුනේ ඉඩම්. ද්‍රවිඩයන් මරන්න කීයල අපි කියන්නේ නෑ. හැබැයි අපි අපේ ඉඩම් දෙන්න නම් කොහොමට්වත් කැමති නෑ.
March 22, 2010 7:03 AM
දේශපාලන දඩ බල්ලෝ අප පසු පසම පන්නති. අපේ තර්කයන්හි වලංගුතාව කතා කරති.
අදෝමැයි.... මේ දේශපාලන බල්ලන්ට ඇති රුදාව කුමක්ද? ලේ රස වෙන්න ඇති.
March 22, 2010 9:00 PM
සංවාදයට සහභාගී වූ සැමට ස්තූතියි. වර්ගවාදී චින්තනයන්ගෙන් මිදී උසස් මනුස්ස සම්බන්දතා සහිත සමාජයක් උදෙසාවන කතිකාව නොනවත්වා තවදුරටත්, වඩාත් ශක්තිමත් ලෙස හා පුළුල්ව ඉදිරියට ගෙන යා යුතු බව මාගේ හැඟීමයි. මේ දිනවල මා යෙදී සිටින පර්යේෂණ උපාධියෙහි කටයුතුවලින් ඉඩක් ලද විගස මීට වඩා පුළුල් කතිකාවක් ලෙසින් මේ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාමට හවුල් වන්නෙමි.
ස්තූතියි.
Post a Comment