පිටස්තරයාගේ ආගමනය

By පිටස්තරයා-2

පිටස්තරයාට හැමවෙලවෙම හිතුන තමන් පිටස්තරයෙක් කියල. එහෙම නැත්නම් අනිත් අය නිතරම පිටස්තරයට මතක්කරල දුන්න එයා පිටස්තරයෙක් කියල. ගොඩාක් දෙනෙකුට පේනවට වඩා වෙනස්වය් හැමදෙයක්මවගෙ පිටස්තරයට පෙනුනෙ. සමහරු හිනාවෙන දේවල්වලට පිටස්තරයට අඬන්න හිතුනුවාර අනන්තය්. ඒ හිනාවෙනව දැකල ඉරිසියවටහෙම නෙවෙයි. හිනාවෙනවට වඩා අඬන්න දේවල් ඒවයෙ තිබුනු නිසා. අවසානෙ පිටස්තරය තමන්ට හිතෙන දේවල් ඔහේ ලියල දානව කියල හිතාගෙන බ්ලොග් එකක් පටන්ගත්ත. බ්ලොග් අවකාසයට පිටස්තරයා අවේ ඔන්න ඔහොමයි.

පිටස්තරය ඉපදුනේ නැගෙනහිර පලාතේ ඈත ගමක. පුන්චිමකාලෙ ඉඳල පිටස්තරයගෙ හිතට තදින්ම කාවැදුනු චරිතයක් වුනේ එයාගෙ ආච්චි අම්ම. ඒ ආච්චි අම්ම ලස්සන කතා කියා දුන්නු හින්දම නෙවෙයි. ආච්චි අම්ම අනිත් අයට වඩා ගොඩක් වෙනස් කෙනෙක් වුනු හින්ද. එයා ඇන්ද විදිහත් කතාබහ කළ විදිහත් ගමේ අනිත් ගෑනුන්ට වඩා වෙනස්. උඩුකයට කිසිවක් නො ඇන්ද ආච්චි අම්ම උඩුකය වසාගත්තෙ ඇය ඇඳ සිටි ඔසරියේම පොටකින්. පිටස්තරයාගේ අම්මාටත් ගමේ අන් ගෑනුන්ට හා පිරිමින්ටත් ඒක ප්‍රශ්නයක් උනත් ආච්චි අම්මාට නම් එය කිසිගානක් උනේ නෑ.

අනිත් හැමෝම පිටස්තරයට කතා කළේ 'පුතා' කියල. ඒත් ආච්චි අම්ම කතා කළේ 'පුත්තා' කියල. අනිත් හැම වචනයක් ම ආච්චි අම්ම කිව්වෙ ගමේ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහකට. පිටස්තරය මුලින් හිතුවෙ ඒ ආච්චි අම්ම ආදරේට කතා කරන විදිහ කියල.

පිටස්තරයගෙ අම්ම අච්චි අම්මට ආදරයෙන් සැලකුව. උන්දැව නෑව්ව, රෙදි හෝදල දුන්න. ඒත් ආච්චි අම්ම ගමේ අනිත් ගෑනුත් එක්ක කතාවට යන එක වලක්වන්න කරන්න පුළුවන් හැමදේම පිටස්තරයගෙ අම්ම කළා. සමහර වෙලාවට ගමේ ගෑනු ඇවිත් අච්චි අම්ම ගැන ඇහුවාම 'උන්දැ නිදි' කියල පිටස්තරයගෙ අම්ම උත්තර දුන්නා. ඒත් උන්දැ නිදි නැතිවග පිටස්තරය හොඳට ම දැන හිටිය.

ආච්චි අම්මට අමතක වුනු වෙලාවල් වල දි ගෑනුත් ඒක්ක කතාවට වැ‍ටුනත් පිටස්තරයගෙ අම්මගෙ එක බැල්මකින් ම ඇය එය මතකයට නගා ගෙන ගේ ඇතුළට යන්න ගියා.

දවසක් පිටස්තරය තමන්ගෙ අම්මගෙන් මෙහෙම ඇහුව.
"ඇය් ආච්චි අම්ම කතා කරන විදිහ වෙනස්?"

ඉතා බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගත් අම්මා රහසක් කියන්නාක් මෙන් මෙහෙම කිව්වා.
"උඹලගෙ ආච්චි අම්ම දෙමළ"

"ඉතිං ඒක හොඳනැත්ද?"
"උඹට ඕව තාම තේරෙන්නෙ නෑ." අම්ම කිව්ව.

කාලයක් ඔහොම ගත වුනා. ආච්චි අම්ම වයසට ගිහිල්ල මියගියා. පිටස්තරයත් දැන් ලොකුය්. ආච්චි අම්මගෙන් දැක්ක වෙනස දැන් හොඳට ම ඔහුට තේරෙනව. ආච්චි අම්ම ගැන මතකය දැන් හැමෝටම අමතකවෙලා වගේ. පිටස්තරයගේ පව්ලෙ හැමෝම දැන් පිරිසිදු සින්හල.

පිටස්තරයට හැමතැනම දේශාභිමානී ගී ඇහෙනවා. "මේ සිංහල අපගෙ රටය්... අප ඉපැදෙන... මැරෙන රටය්. අප පණ නළ ගැහෙන රටයි... මුළුලොව මේ රටට යටයි". නන්දා මාලනී මෙහෙම ගායනා කරනකොට අනිත් කාටවත් ඇති නොවන ප්‍රශ්නයක් පිටස්තරයගේ හිතේ ඇතිවෙනව. ඒ මේක සිංහලයො උපදින මැරෙන රටනම් ආච්චි අම්ම උපදින මැරෙන රට මොකක් ද? අමිතා වැදිසින්හ 'මේ උදාර ලන්ක භූමියයි.. මේක සිංහලුන් උපන් රටයි.. " කියන කොට පිටස්තරයට ඇතිවෙන ප්‍රශ්නෙ තමය් එතකොට ආච්චි අම්ම උපන් රට මොක්ක ද කියන එක.
පිටස්තරයගෙ පවුලෙ කාටවත් මේ විදිහේ ප්‍රශ්න නෑ. පිටස්තරයගෙ තාත්තටවත් ඒ කියන්නෙ ආච්චි අම්මගේ පුතාටවත් මේව ඒතරම් ප්‍රශ්න බව පේන්නෙ නෑ.
පිටස්තරයට හරි දුකයි.
අඬන්න තරම් දුකයි.
පිටස්තරය පිටස්තරයෙක් වෙන්නෙ ඔන්න ඔහොමයි.

Reactions:

12 Comments

පෙනෙන හැටියට පිටස්තරයා 1/4 දෙමළය. මාද දන්නා ආකරයට 1/16 ක් දෙමළය ඒ අම්මා 1/8(හෝ 1/16ක්) දෙමළ වන බව මං අමාරුවෙන් සොයාගත් නිසාය. නමුත් පිටස්තරයාගේ ලාමක මොලයට නොවැටහෙන දෙයක් ඇත. මේරට සිංහලයාගේ කීවිට ඔහුට දුකක් ඇතිවේ. ඒක සාධාරනය. අඬන්නත් හිතෙනවා ඇතිය. මොනව කරන්නද මේරට සිංහලයංගේ වන බව එයින් වෙනස් වේනනේ නැත. නමුත් එහෙමයිකියලා තමන්ට ඕන විදියට ඉතිහාසය වෙනස් කරන්න යාම වැරදිය. අනෙක ඔබ එංගලන්තයට ගොස් පදිංචුවුවහොත් ඔබගේ ළමයින්ටත් එංගලන්තය සුද්දන්ගේ කියා සුද්දෙක් කිව්වම දුක හිතෙයි. මොකද මේක සුද්දෝ උපං රටයි කිව්වම ඔහුත් අහයි මං කොහෙද ඉපදුනේ කියලා. (ඉංග්‍රිසියෙන් අහයි) ඔහු පස්සේ කියයි මේක අපේරටක් අපිටත් අයිතියි කියලා. අනේ පව්.

//අනෙක ඔබ එංගලන්තයට ගොස් පදිංචුවුවහොත් ඔබගේ ළමයින්ටත් එංගලන්තය සුද්දන්ගේ කියා සුද්දෙක් කිව්වම දුක හිතෙයි. මොකද මේක සුද්දෝ උපං රටයි කිව්වම ඔහුත් අහයි මං කොහෙද ඉපදුනේ කියලා.//

aachchi amma lankaavata avith padhinchi vunu kenek kiyala oyaa kiyanne kohomadha Dasun? Oyaa hithagena inne lankaave inna dhemala aya adha engalantheta gihilla padhinchi vena aya vage avurudhu panahak vithara kaalekata kalin mehe avith padhinchi vunu aya kiyaladha?

Oh Mr. Pitastharaya, just read about how u became a pitastharaya. Sorry if my last sentence did hurt u in anyway. But the problem is if WE see u as a "apey ekek" whay YOU yourself treat u as a "pitastharaya"?????? Don't be negative minded or "heena maanaya". Who cares where our ancestors born?????? All or our ancestors born in Jungles and ate fruits and we all were monkeys/apes. So why the hell u make a big fuss about this pitasthara thing???
C'mon man, Start loving this country and it's people despite what their race and religion and cast. Let go off all the labels and be one humane nation with loving kindness....
If u further treat yourself as Pitastharaya, in one way u r insulting your sinhala parents and Seeya where u never mentioned about. And as far as you see your self as pitastharaya u'll suffer. U can't challenge the fact that Sri Lanka has more than 78% sinhalese. Sad situation brother. What to do, you have three options,
1. Start thinking as a nationalist and start Loving Sri Lanka our mother land
2. find out where your Achchi came from and go to that country, no matter what u say even if she's coming from elara era, she must be from another country, else how she was so strange as u said. If she lived here for generations hse'd have know the norms and culture and language and lose the tamil accent by the generations.
So go to the country where she came from and listen to their songs
3. If u cant resist feeling a pitastharaya, u can simply meet a psychiatrist and get help because what u experience is a psychiatric disorder, called delusion
4. Or just keep silence so no one knows that u r a pitastharaya and u can start enjoying songs u mentioned above, bcz i bet u don't practice hinduism or tamil culture anymore, why don't u do it? dnt have a back bone????

Now only I read this first post on your blog and I'll be reading the rest of the archives as I get some time to spare.

I don't feel sorry or sad after reading this article, only ashamed that such a things as Race and Religion exist.More ashamed that most people support racial discrimination.

@Shigelladysentrariae,

I don't think what you suggest in the latter 3 options is fair.I mean thinking as a nationalist is a good thing and could solve some of the problems(but believe me not all)but the rest are really useless

Now, my great Grand mother is an American, my last name is Portuguese, I'm named after a Russian girl in my first name and my middle name is Sinhala. Now where do you suggest I go and live in?
America,Portugal,Russia or here in Sri Lanka?

And if I marry a Martian,where should my kids live in? Mars ,Earth or in Andromeda??

Feeling like a Pitastharaya is not a psychological disorder. Haven't you ever felt that way when some jokes your friends crack are not that funny and bit hurting.And when you think about something in a different way and no one seems to realize that you are correct too??

And why should one be silent if one wishes to talk? After all talking and writing are basic rights of every human being!And just being silent doesn't mean any problem has solved or that pitastharaya is not a pitastharaya anymore!

@ Pitastharaya 2,

I don't think you should worry about being a pitastharaya. We all are outsiders of this world in one way or another.

Do you know John Lennon's song "Imagine" ?
And I hope one day it will come true

Hi Shenya,
If you love Sri Lanka, if you love being a Sri Lankan and if you are loyal to the country, you ARE a Sri Lankan why the hell you wanna leave the country? I don't see YOU as a pitastharaya at all.
It doesn't matter where our genes are inherited. I don't mind marrying a tamil girl or an American girl as far as she's Homo sapience and up to my standards. Standards are only humane norms with rational intellect to an extend that can understand me as I am.
Being a Sri Lankan or not is solely up to her. I won't tell her to BE Sri Lankan or leave sri lanka if she can't. What I say is PLEASE DON'T FEEL "PITASTHARA".
Anyone can be Sri Lankan if he/she want to be, purely by loving this beautiful country and it's 'good' people. And working loyal to the country.
If anyone can't understand what I say, or don't have enough IQ to understand please don't comment.
Real danger is feeling as PITASTHARAYA. Then only you lose feeling loving kindness towards others and keep feeling negative and inferiority complex. So stop getting affected by people who try to spread hatred and racial discrimination. You are only getting fooled by those opportunists who have hidden agendas.
Thank you Shenya...

In summary, attitudes are what matters not where your gene's inherited. Because science have proved there's no genetic influence on the ways you think. Best example is identical twins who has similar DNA sequence thus appearance yet how different they are? So the genes have nothing to do, if one is a saint and the other one is a thief. People will praise the saint but not the thief. So sinhala tamil or American what matters in what you do and what you think. So if i wanna get American citizenship, i have to give oaths. Please everybody read (Specially Shenya YOU) that oath. Because it clearly say one can become it's citizen or call him/her self an American once he/she pledged to be loyal and love the country.
But in the reality, even after giving the oath and accepting the constitution and becoming an American legally, and from heart, they will discriminate you at some points because you are Asian or you have dark skin. And that's a unfortunate and subjective matter. Even in the presidential there were white people who didn't vote OBAMA just because he's Black. But the majority did vote for him because they accepted his vision and attitudes.
So the thing is you can get affected by what a minority of stupid and racist people say and do and keep feeling as a "pitastharaya" Or he can intelligently know that majority doesn't care about where and from a what womb you came out. But majority of people will consider 'today' how you think and act. And then start loving and being loyal to the country and become what ever he wants, Sri Lankan or American or what ever.
Same thing about religion, country, race, cast and what ever...
May those who have brains understand this universal theory to build up a single universal village without filthy hatred and minor yet stupid discrimination done by stupid people.

And Shenya I never knew your great grand mother was an American and i never wanted to know and it's totally irrelevant as well. It's YOU who brought it up? Why? Are you feeling inferiority complex?
I never felt de Silva's Portuguese I have my own relations Perera's, Fernando's and Yes my own grandfather's a Silva too. But is it a problem to you? It's never been a problem to me anywhere in this country. Even modern so called "ruhunu puthraya" Mervin's also a Silva hahaha
Who cares about names today Shenya? Only a small number of pseudo patriots and betrayers of nation who thrive on their stupid casts. But they are almost extincting.
Shenya, the Russian name hhaha That I knew because I have many friends Dunya, Tanya and Manya and One Shenya of course. So what? I bet there are many Russian lovers in the art faculties than you, hanging Vladimir Lenin's portraits on their walls. Those are the people who have names "Weerawansa, Amarasinha" etc. Who cares? As far as anyone can love and be loyal to mother Sri Lanka. All are sri lankans...
Now who has problems? Only your inferiority complex. Get rid of it. Host national flag in your heart every morning. And be a proud Sri Lankan...

@Shenya de Silva

ගොඩාක් අවිවේකී කාලයක් පහුකරමින් හිටියත් යමක් ලියන්න හිතුනේ ඔයා ලියා ඇති කොමෙන්ට් එක නිසා.

//Feeling like a Pitastharaya is not a psychological disorder. Haven't you ever felt that way when some jokes your friends crack are not that funny and bit hurting.And when you think about something in a different way and no one seems to realize that you are correct too??//

ඔයා මේ බලන විදිහත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි. උදාහරනයකට හිතමු මීට අවුරුදු 50 කට එහා පැත්තේ ජීවත් වුනු කෙනෙකුට පෙනෙනවා රාජ්‍යය කියන ආයතනය එහි සියලු වැසියන්ට සමානව සලකන්න අසමත් වෙනවා කියලා. නීතිය යුක්තිය සමානව ලබා දෙන්න අසමත් වෙනවා කියල. ඔහු කියා හිටිනවා මේක වහාම නිවැරදි කරන්න. නැත්නම් මහා විනාසයකට ඒක මග පාදාවි කියලා. නමුත් කවුරුවත් එයාව තෙරුම් ගන්නෙ නෑ. එයාට දැනෙන එකක් නැත්ද තමන් පිටස්තරයෙක් කියල. අවසානේ මහා මිනිස් සංහාරයක් ඇතිවෙනවා. ඉතාම වටිනා තරුණයන්ගෙ ලෙයින් මේ පොලොව තෙත්වෙනවා. මුලින් කී තැනැත්තට නැවත නැවතත් හිතෙන්නෙ නැත්ද තමන් පිටස්තරයෙක් කියලා. පිටස්තරයෙක් කියන්නේ රටකට ජාතියකට අයිති නැති කෙනෙක් කියන එක නෙවෙයි. යමක් වෙනස්ව දකින්න පුලුවන් පොදුවේ පිළිගත් යමකට වෙනස් අදහස් දරන ඕනෑම කෙනෙකුට තමන්ව පිටස්තරයෙක්ලෙස හදුන්ව ගන්න පුලුවං. මම දන්නා ප්‍රමාණයට තුන්දෙනෙක් බ්ලොග් ලියනවා පිටස්තරය නමින්. (ඒ නිසයි මම පිටස්තරය-2 කියල මාව හඳුන්ව ගන්නෙ.) ඒ අය තමන්ව පිටස්තරයින් ලෙස හඳුන්වගන්නේ ඒ අය හිතන විදිහ වෙනස් කියල ඒ අය හිතන නිසා. මම හිතන්නේ නෑ ඒකෙ ඇති වරදක් තියෙනව කියලා.

මග්දලාහි මරියව ජේසුස්වහන්සෙ ඉදිරියට ගෙන ආ මිනිස්සු හැම දෙනාම හිතුවේ ඇයව ගල් ගසා මැරිය යුතුයි කියලා. නමුත් මිනිස් හිතකින් හිතාගන්න බැරි වෙනස් උත්තරයක් උන්වහන්සේ මුවින් පිටවුනේ උන්වහන්සේ වෙනස්ව හිතන්න පුළුවන් කෙනෙක් නිසා.

බුදුන්වහන්සේ මුළින්ම තම ගමට ආ වෙලාවේ ආහාර හොයාගෙන ගෙයින් ගෙට ගියා පාත්තරයකුත් අරගෙන. එතැනට ආ උන්වහසේ ගෙ පියා කියා හිටියා හිගාකාලා මට නින්දා කරන්න එපා කියලා. බුදුන් වහසේ ගෙ උත්තරය වුනේ මම ඔබේ පරම්පරාවට අයිති කෙනෙක් නෙවෙයි කියල. මෙතන කියන පණිවිඩයත් 'මම වෙනස්ව ලෝකය දකින කෙනෙක්' කියන එක. උන්වහන්සේ තමන්ව හැමවිටම හඳුන්ව ගත්තේ ගඟේ ඉහලට පීනන්න හදන කෙනෙක් හැටියට. අන් සියලුදෙනා ගඟ ගලන පැත්තට එකතුවෙලා ඔහේ පාවෙලා යන අයලෙසයි උන්වහන්සේ හැදින්වුවේ. ඒ නිසා වෙනස්ව හිතන කෙනෙක් වීම පාපයක් වත් ලෙඩක් වත් නෙවෙයි කියන ඔයාගේ අදහස හරි.

This comment has been removed by the author.

@Shenya de Silva

//More ashamed that most people support racial discrimination.//

ශෙන්යා, මෙතැනදි මම දරන්නේ ටිකක් වෙනස් අදහසක්. වැඩිදෙනා ජාතිවාදී නෑ කියන එක මගේ හැඟීමයි. ඔවුන්ව දැනුවත් කරන වැඩපිළිවෙලවල් නෑ. එය කළයුතු මාධ්‍ය ඒව කරන්නේ නෑ.එසේ කළෝතින් ඔවුන් දියුණු ලෙස හිතාවි. අන්තයන්හි ඉන්නේ ඉතාම සුළුතරයක්. උදාහරනයකට මගෙ බ්ලොග් එකට අඩුගානේ 1000ක් එන්න ඇති. ඒ අය අතරින් අන්තවාදී ස්ථාවරයක සිට කොමෙන්ට්ස් ලියපු අය ඉන්නෙ 5-6ක් විතර. නමුත් වෙනසක් තියෙනව. ඒ අයගේ හඬ හරි ලොකුයි. ලියන දේවල් හරිම හිත් රිදවන සුළුයි. මට ලියපු ඒවම බලන්න. මාව ජාතිවාදියෙක් කියල හංවඩු ගැහුවා. එල් ටී ටී ඊ ඒජන්තයෙක් කිව්වා. මානසික රොගියෙක් කිව්වා. හීනමානයෙන් පෙලෙන්නෙක් කිව්වා. මට, මගේ දෙමාපියන්ට සහ මගේ දරුවන්ට සාප කළා. තව මේ ඒ කී දේ අතර නරකම දෙයි;

"If i say u raped your sister and i can't prove it because I dnt have enough evidence in public, no matter the incidence in true or false u will be badly labeled. So think twice when u bring up hearsay evidence..."

මේව ඇහුවම වෙන්න පුලුවන් දේ තමයි මම ගන්න උත්සාහයේ හොඳ පැත්ත දකින සහ යහපත් අදහසින් මගේ අදහස්වල ඇති අඩුපාඩුවක් පෙන්වා දෙන සියලු දෙනාව අමතක කරල මේ අයට උත්තර බදින්න පෙළඹෙන එක. මගේ අදහස් කියවා ඒවා සමග ලොකු ප්‍රශ්නයක් නොදු‍ටු එනිසාම කිසිවක් නොලියා නිහඬ වුනු පිරිස අමතක කරන එක.මේ අයට උවමනාත් ඒ තත්වයට මාව පත්කරගන්න එක. නමුත් මම එහෙම කළොත් මේ බ්ලොග් අඩවියෙදි හමුවුණු ඔයාල වගේ අලුතින් හිතන්න පුලුවන් මැදහත් අදහස් දරන අයට මම කරන්නේ අසාධාරනයක්.සියයට පහක් වෙනුවෙන් සියයට අනූපහකට කරන අසාධාරණයක්.

ඒ අයට ඕන ඒ අය හිතන විදිහයි බහුතරය හිතන්නේ කියල පෙන්වන්න. මේක කියවන අය ලවාත් එහෙම හිතවන්න ඒ අයට ඕන.

මේ රට ලස්සන එකක්. ඒක ඇත්ත. ඒත් ඒ ලස්සන රට 20000ක් තරම් තරුණයන්ගේ ලෙයින් තෙත් වුණා 1971 දි. 87-89 කාලේ ඒ වගේ තුන් ගුණයක් තරම් ජනයාගේ රුධිරය ගලාගියා අපේ ඇස් ඉදිරිපිට. අවුරුදු 30ක් තරම් කාලයක් දවස ගානේ විවිධ වයස්වල අයගේ කෑලිවෙන්වුනු මිනී වළලනවා අපි දැක්කා. ඉතාම වටිනා තරුණ ජීවිත 'හමුදාවිරුවන්' නමිනුත් 'ත්‍රස්ථවාදීන්' නමිනුත් නම් කරලා වළලනවා අපි දැක්ක. මේ සියලු දෙනා අපේ රටේ වටිනාම මනව සම්පතයි. දුර දක්නා නුවණින් කටයුතු කර ‍රැක ගැනීමට හැකියාව තිබුණු මානව සම්පතයි. එසේ නොකළ පාපයෙන් මියයන්න වුණු මානව සම්පතයි.

යම් උගත්කමක් ඇති සංවේදී බවක් ඇති අපි හැමෝටම වගකීමක් තියෙනවා මෙවැනි දේ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා මැදිහත් වීමට. මගේ බ්ලොග් අඩවිය පුරා ඇත්තේ ඒ අදහසින් මා ලියූ දේයි. ඒවා වෘත්තීය සාමවාදියෙකුගේ අදහස් නෙවෙයි. යුද්ධයෙන් සහෝදරයෙකුද අහිමි කරගත් අයෙකුගේ අදහස්. ඒ තුළ මා ප්‍රදාන වශයෙන් කතා කළේ සංස්කෘතික අනවබෝදය නිසා ඇතිවිය හැකි ගැටළු අවම කිරීම සඳහා මැදිහත්වීමේ අවශ්‍යතාව, අතීතයේ රාජ්‍යය නැමැති ආයතනය මගින් සිදුවුණු වැරදි සහ අතපසුවීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ජනයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැදගත් කම, අතීතයේ දී අප රටේ ජාතීන් අතර භේද භින්නතා ඇති කෙරුනු අකාරය පිළිබඳ දැනුවත් වීමේ අති වැදගත්කමවැනිදේයි.

ජනයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුත්තේ ඔවුනුයි පාලකයන් පත්කරන්නේ. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කළහැකි පිරිස ඒ අයයි. ඔවුන් දැනුවත් නම් සහ ඔවුන් දියුණු ලෙස හිතන පිරිසක් වෙනවා නම් දේසපාලකයන්ට වගකීම් රහිතව කටයුතු කරන්න අමාරුයි.

මාගේ උත්සාහය වයිරය පැතිරවීමේ උත්සාහයන් ලෙස දු‍ටු කීපදෙනා අතීතයේ දෙමළ ජනයාට යම් අසාධාරණයක් සිදි වී තිබෙනවානම් ඒ අවස්ථාවල දී රාජ්‍යය ඔවුනට යුක්තිය දීමට අසමත් වී ඇත්නම් එය වැරදියි කියා කියන්න තරම් නිහතමානී වෙන්නේ නෑ. නැවත එවැනි දේ ඇතිවීම වැළැක්විය යුතුයි කියන්නේ නෑ.

කෙනෙක්ට කියන්න පුළුවං මේක ඔයා උපන් රට ඒකට ආදරය කරන්න කියා. ඒත් දෙමළ වැසියෙකුට රාජ්‍ය ආයතනයකට ගියාම පොලීසියකට ගියාම තමන් කියන දේ තේරෙන කිසිම නිළධාරියෙක් එතන නැත්නම් සහ අන්තිමට තමන්ට නොතේරෙන සිංහල භාසාවෙන් ලියපු යමකට තමන් කියපු දේ හැටියට පිළිගෙන අත්සන් කරන්න වෙනවා නම් මම හිතන්නේ නෑ ඔහුට හෝ ඇයට දැනෙයි කියා මේ ඔහුගේ /ඇයගේ රට කියා. මේ තත්වය පවතින්නේ නිදහස ලබා වසර 62ක් ගතවුනාටත් පස්සේ. ඒ නිසා මේව සාකච්ඡාකිරීමේ කිසි වැ‍රැද්දක් මට පේන්නේ නෑ.ඒ දැනුවත් භාවය උදව් වෙනවා ඇත්තේ ඒ අඩුපාඩු හදාගන්න.

මා හිතන විදියට ආදරය බලෙන් හෝ රටින් පි‍ටුවහල් කරනවා කියා තර්ජනය කොට හෝ ඇති කරන්න බෑ. එය සිදුවන්නේ වෙනම තත්වයන් යටතෙදීයි.

අවසාන වශයෙනුත් කියනවා මේ ටික ලියන්න මම කාලය ගත කලේ ශෙන්යා නිසා. ඒ ඔයාලවගේ අය ගැන මගේ ගෞරවයක් තියෙන නිසා.

අගෝස්තු මාසය විතර වෙනතුරු මම නැවත බ්ලොග් එකට එන්නේ නෑ. නමුත් ඉන්පස්සේ ආයෙත් මම ලියනවා.

@Shenya de Silva

//Do you know John Lennon's song "Imagine" ?
And I hope one day it will come true//

පළවෙනි වතාවටයි මේ සින්දුව මම ඇහුවේ. ස්තූතියි. ඒකෙ පදමාලාව මම දානවා මම වගේම ඒක ගැන නොදන්න අයගේ දැනගැනීමට.

"Imagine there's no Heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people
Living life in peace

You may say that I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people
Sharing all the world

You may say that I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will live as one

උපුටා ගැනීම:
http://www.lyrics007.com/John%20Lennon%20Lyrics/Imagine%20Lyrics.html

@shigelladysentariae

I don't know whether you'll understand this post.

If you read my post again carefully you'll see that I was merely pointing out how unfair and useless latter 3 options you've suggested,by showing you a similar situation.

And I see what you mean by saying about Obama being elected as president,though he is a black american.
Have you ever considered thinking about the time it took to white Americans to see black Americans as their equal?
Black Americans were outsiders of their own country.Even Red Indians felt like outsiders in their own land!

One cannot feel as an insider as long as the environment doesn't welcome that idea.

There had been a war in Sri Lanka for over 3 decades and each of us have different kinds of wounds.You must give some time to let the wounds heal naturally or apply some medicine to heal them quick.It is no use forcing in the idea that one is an insider when one doesn't feel so.

" As far as anyone can love and be loyal to mother Sri Lanka. All are sri lankans"

Absolutely correct. But one being and outsider doesn't mean one is not a Sri Lankan or a patriot.

@ පිටස්තරයා-2
Thank you for your kind comment.

The idea in the poem "Imagine" might never come true. But I believe those who keep dreaming and keep working to make those dreams come true are those who keep the world sane enough to live in.

Post a Comment

Post a Comment