වැඩි දෙනෙක් පිටස්තරයින් වීම
පිටස්තරයා 12 වෙනිද වෙබ් අවකාශයට පිවිසුනා. ඒ 'පිටස්තරය' නමින්. නමුත් ඒ වෙද්දිත් තව පිටස්තරයින් වෙබ් අවකාශයේ ඉන්න බව දැනගත්තෙ පස්සෙ. ඒ නිසා පිටස්තරය තමන්ගෙ නම 'පිටස්තරය-2' කියල ආයෙත් වෙනස් කළා. ලොකේ ඕනැ තරම් පිටස්තරයින් ඉන්න පුලුවන් එකේ වෙබ් අවකාශයේ කීපදෙනෙක් ඉන්න එක ගැන පුදුම වෙන්න ඕන නෑ. එහෙම වැඩිදෙනෙක් හිටිය කියල 'පිටස්තරය' කියන නම වෙනස්කරගන්න මේ පිටස්තරයට ඕන උනේ නෑ. හේතුව තමන් පිටස්තරයෙක්ය කියල 'පිටස්තරය -2' තදින් විශ්වාස කරන නිසා.අනෙක් අතට අපි පිටස්තරයින් උනත් අපි ලියන දේවල් වලින් හෙලිවෙය් නැවත වතාවක් අපි එකිනෙකාගෙන් කොය්තරම් පිටස්තර ද කියල. කියවන ඔබගෙනුත් ඉල්ලනව 'පිටස්තරය-2' අන් පිටස්තරයින්ගෙන් වෙන්කරල හඳුන ගන්න කියල.


3 Comments
March 14, 2010 8:39 PM
පිට-පිටස්තරයා කියලා දැම්මානම් මොකද හැබෑටම?
/බිඟුවා...!
March 15, 2010 8:16 PM
සුබ පැතුම් දිගටම රැදෙන්න
March 15, 2010 8:45 PM
ස්තූතියි.. :)
Post a Comment