සිංහලයන්ගේ ආරම්භය හා පෙරමුණේ රාළ
පෙරමුණේ රාළ වෙත,
ඔබ පහුගිය දා සිංහලයන්ගේ ආරම්ය ගැන ලිපියක් ඔබේ බ්ලොග් එකේ ලියා තිබුණා. ඒ තුළ බොහෝ විසංවාදයන් පෙනුණු නමුත් ඒවා මතුකර කිසිවක් ලිවීමට නොහැකි වූයේ අවශ්‍ය විවේකය එවක නොවූ බැවිනි. විවේකය ලද විගස ම මම ඒ විසංවාදයන් පෙන්වාදෙමින් 'මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...' යන මාතෘකාව යටතේ මගේ බ්ලොග් අඩවියේ ලිපියක් පළ කළා. එසේ ලිපියක් පළ කළ බව ඔබේ බ්ලොග් අඩවියෙහි ද සටහණක් යොදමින් ඔබව දැනුවත් කිරීමට උත්සාහ කළා.
මගේ ලිපිය කියැ වූ එක් සහෘදයෙක් කියා සිටියේ ඔබේ කීම් එතරම් සැලකිල්ලකට නොගන්නා ලෙසත් ඔබ දෙශපාලන න්‍යායපත්‍රයකට අනුව කරුණු විකුර්තිකරමින් ලියන්නෙක් විනා අවංක අදහසකින් සාධක මත පිහිටා යමක් ලියන්නෙක් නොවේ ය කියා.
මම මේ සටහණ ලියන්නේ නැවතත් ඔබව දැනුවත් කිරීම මගේ යුතුකම සේ සලකන බැවිණි. ඔබගේ ලිපිය තුලින් මා දුටු විසංවාදයන් ගැන කොයි මොහොතේ හෝ ඔබ පිළිතුරු සපයාවි කියා මා බලා පොරොත්තු වෙනවා. මා ලියූ ලිපිය කියවීමට මෙතනින් යන්න.


5 Comments
August 27, 2010 7:48 PM
This comment has been removed by a blog administrator.
August 29, 2010 12:23 PM
මයියා මෙම ක්මෙන්ටුව දාන්නේ පිටස්තරයාගේ 2 ගේ ලිපියට නොව ඊට ලැබී ඇති හීරො66 කමෙන්ටුවටය.
ඔහුගේ කමෙන්ටුව මයියා මහත් සේ පිලිකුල් කරන අතර, මයියා ට ඔහුට කීමට ඇත්තේ ඔබ පිටස්තරයාගේ අදහස් වලට එකග නැතිනම් පිලිතුරු දිය යුත්තේ ප්‍රතිතර්ක හා කරුණු වලිනි.ඔය වැනි පහත් ගණයේ අපහාස කරන්නන් බ්ලෙඔග් අවකාශයට හා කියවන්නන්ට ඇති කරන්නේ අපුලක්ය.
මයියා ද පිටස්තරයාගේ ඇතැම් අදහස් වලට එකග නැති මුත්, ඔහුට එරෙහිව ලියා ඇති මෙවැනි පහත් ගණයේ දේ මයියා මහත් සේ පිලිකුල් කරනවාය.
මඩ වෙනුවට තර්ක වලින් උත්තර දීමට මෙවැනි කාඩ්බොඩ් වීරයන්ට ශක්තිය ධෛර්‍ය ලැවේබවායි මයියා ප්‍රර්තනා කර සිරටියි..
August 29, 2010 4:13 PM
I think one should be responsible not only for the blog post but also for the comments in it. I don't think there should be any artificial rule that "I do not delete any comments". hero66 comment is not only totally irrelevant to the discussion, but it is also offending to anyone who is willing to participate in it. I think what Pitastharaya should have done is to delete that comment right away rather than flaunting it in his blog. In fact let me suggest that Pitastharaya should delete hero66 comments and after that maiyya comment and then my comment since none of these are relevant to the discussion.
Pitasthara's blog is something I read with lot of respect and I often quote the links in my Facebook profile. I don't like to see utter filth in comment when it does not add any value. BTW I have nothing against filth if it is used contrutively. http://kolu.wordpress.com is a blog that I like for its constructive use of filth.
August 30, 2010 10:57 AM
සති අන්තයේ නගරයෙන් බැහැර ප්‍රදේශ්යකට යාමට සිදු වූ නිසා බ්ලොග් එකට ලියා ඇති කොමෙන්ට්ස් ගැන මට අවබෝධයක් තිබුණේ නෑ. මිත්‍රයෙකු කළ දැනුම් දීමකින් පසුවයි ඉතා ම පහත් පෙළේ සටහණක් පළ වී ඇති බව දැනගත්තේ. ඒ නිසා එකී සටහණ මාගේ බ්ලොග් අඩවියෙහි දින දෙකක පමණ කාලයක් තිස්සේ පළ වී තිබුණේ මාගේ අනුදැනුමකින් තොරව බවත් එම සටහණ නිසා මාගේ බ්ලොග් ලිපි කියවන ඔබ සැමදෙන හට සිදු වූ අපහසුව ගැන බලවත් සේ කණගාටු වන බවත් මෙයින් දන්වා සිටිනවා.
මා මුළ සිටම දැරූ ස්ථාවරය වූයේ නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීමට සැමට අවකාශ තිබිය යුතු බවත් එය මවිසින් වාරණය නොකළ යුතු බවත්. නමුත් නව තත්ත්වය යටතේ ප්‍රසාද් යෝජනා කර ඇති පරිදිම යම් පාලනයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් මෙයින් දන්වා සිටිනවා. නමුත් ඉතාම පැහැදිලි ලෙසම කියා හිටිනවා මා පාලනයට ලක් කරන්නේ අසභ්‍ය හා අපහාසාත්මක සටහන් පමණක් බව.
මේ මොහෙතේ අදහස් දැක් වූ මයියා හා ප්‍රසාද් යන සහෝදරවරුන්ට ස්තූතිවන්ත වෙනවා.
August 30, 2010 10:25 PM
අනවශ්ය කමෙන්ට් මැකුවාට ස්තුති. සමාවෙන්න, මම හිතුවෙ දැනදනම ජරා කමෙන්ටුව තියෙන්න ඇරියා කියල
Post a Comment